
කොවිඩ් 19 ආසාදිතයින් ඉක්මනින් සුවපත් කිරීමට ඇමෙරිකානු මර්ක් සමාගම නිෂ්පාදිත ‘මොල්නුපියවියර් ’ නැමැති ඖෂධය මෙරටට ගෙන්වන්නේ ද ? නැද්ද? යන්න පිළිබඳව අධ්‍යයනයක නිරත වී සිටින බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.
මෙම ඖෂධය සම්බන්ධයෙන් වාර්තා ලැබී තිබෙන බවත් වාර්තා මත පදනම්ව ඒ ගැන තීරණයක් ගත නොහැකි බව ත් සෞඛ්‍යය ප්ර්වර්ධන කාර්යාංශයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවැසීය.
මේ සම්බන්ධයෙන් විශේෂඥ කමිටු, විද්වත් ආයතන මගින් නිර්දේශ ලබා ගෙන ඒවා සමාලෝචනය කරන බව ත් වැය කරන වියදමට සාපේක්ෂව ප්‍රතිඵල ලැබේ නම් පමණක් ඒ පිළබඳ තීරණයක් ගනු ඇති බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.
ඖෂධ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා එයින් එන අතුරු ප්‍රතිඵල, ආරක්ෂාකාරී බව පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ද කීය.
මෙම ඖෂධයේ සාර්ථක බව පෙන්වුම් කිරීමත් සමග තායිලන්තය එය ඇනවුම් කිරීමට තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය පෙරේදා (05) අනාවරණය කර තිබිණි.