ආසාදිතයන් වැඩි වීම පාලනය කිරීමට රට වැසීම හැර වෙනත් විකල්පයක් නෑ.

     විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

කොවිඩ් 19 ආසාදිතයින් දිනෙන් දින වැඩි වීම පාලනය කළ නොහැකි වුවහොත් නැවත වරක් රට වැසීම හැර වෙනත් විකල්පයක් නැති බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ ය.

ඊයේ (08) දිනයේදීත් ආසාදිතයින් සංඛ්‍යාව 700 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය එතරම් යහපත් තත්ත්වයක් නොවන බව අද (09) උදෑසන කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හේමන්ත හේරත් මහතා අනාවරණය කළේ ය.

මෙම තත්ත්වය පාලනය කිරීමට නම් ජනතා ඒකරාශී වීම් හැකිතාක් අවම කළ යුතු බව සඳහන් කළ නියෝජ්‍ය සෞඛ්‍යය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, තම වෘත්තීය අයිතිවාසිකම් රැක ගැනීමට අරගල කිරීම පිළබඳව ගරු කරන අතරම ඒවා කළ යුත්තේ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට ද අවනත වෙමින් බව සඳහන් කළේ ය.

එමෙන්ම මේ වන විට ගංවතුර උවදුරක් පවතින අතර අවතැන් වූවන් මුදා ගැනීම සහ අවතැන් කඳවුරු පිහිටුවීම සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරු සහ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට උපදෙස් දී තිබෙන බව ද පැවැසීය. මේ තත්ත්වය ද ආසාදිතයින් වැඩි වීමට හේතුවක් විය හැකි බව ද හෙතෙම සදහන් කළේ ය.

පී.සී.ආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වීම අඩු කර ඇතැයි එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ත් වෛද්‍ය සැපයීම් අංශය දිනකට රැපිඩ් ඇන්ටිජන් කට්ටල 20,000 ක් 30, 000 ක් පමණ නිකුත් කරන බවත් හේමන්ත හේරත් මහතා අනාවරණය කළේය. ඒවායෙහි වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින නිසා දෛනිකව ගණනය කිරීම් ලබා දිය නොහැකි බව ද  සඳහන් කළේ ය.

 

Editor Health and Life

Related post

1 Comment

  • Great information.

Leave a Reply

Your email address will not be published.

Translate