
කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා ඇමෙරිකාවේ මර්ක් ආයතනය මගින් නිෂ්පාදනය කරන මොල්නුපියවියර් (Molnupiravir) ඖෂධය මෙරට භාවිත කිරීම සඳහා කොවිඩ් 19 තාක්ෂණික කමිටුවේ අනුමැතිය පමණක් ප්‍රමාණවත් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.
කොවිඩ් 19 තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු පමණින් එය මෙරට භාවිත කළ නොහැකි බව කොළඹදී අද (16) පැවැති මාධ්‍ය හමුවකදී හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.
මෙම ඖෂධය මෙරට භාවිත කිරීම සම්බන්ධයෙන් හදිසි තිරණ ගත නොහැකි අතර එය විවිධ අංශවලට යොමු කර අනුමැතිය ලබා ගත යුතු බව ත් තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබීම එහි එක් පියවරක් පමණක් බවත් හෙතෙම අනාවරණය කළේ ය.
ඇමෙරිකාවේ මෙම ඖෂධ නිෂ්පාදන සමාගම මෙරට ලියාපදිංචි කර ගැනීමට ඉල්ලීමක් ඉදිරිපත් විය යුතු බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා, ඖෂධ නියාමන අධිකාරියේ නියාමන ක්‍රියාවලියකින් පසු අනුමැතිය දීමට පියවරයන් රැසක් පසු කළ යුතු බව ද පැවැසීය.
මෙම ඖෂධය මෙරට භාවිත කරන්නේ ද? යන්න පිළිබඳව ස්ථිරවම ප්‍රකාශයක් කිරීමට තවම නොහැකි බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩැදුරටත් ප්‍රකාශ කළේ ය.
1 Comment
Good.. thanks for information’s