කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් 700 ඉක්මවා වාර්තා වීම නිසා දිගටම රෝගීන්ගේ වර්ධනයක් බලාපොරොත්තු විය යුතු බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අවධාරණය කළේ ය.
කොවිඩ් 19 රෝගය පාලනය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ කාලසීමාවක් පසු කරමින් සිටින බවත් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යංශයේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
රෝගීන් 700 ඉක්මවා වාර්තා වීම හේතුවෙන් ඔවුන්ගෙන් තවත් පුද්ගලයින් වෙත රෝගය ව්‍යප්ත විය හැකි බැවින් සියලු දෙනාම රෝගය පාලනය කිරීම සඳහා මග හැරුණු උපක්‍රම භාවිත කළයුතු බවත් බටුවන්තුඩාව මහතා පැවැසීය.
නිවසින් බැහැරට යන පුද්ගලයින් හැකි සෑම විටම මුඛ ආවරණ දෙකක් පැළඳීමෙන් වඩාත් ආරක්ෂාකාරී බව සඳහන් කළ ඒ මහතා හැකි සෑම විටම පුද්ගල ඒකරාශීවීම්වලින් වැළකී සිටිය යුතු බව ද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.