ඉදිරි පාසැල් වාරයේදී මුඛ ආවරණ පැළඳීම පාසැල් සිසුන්ට අනිවාර්ය කරන බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කළාය.

කොවිඩ් 19 පළමු සහ දෙවන රැළිවලින් පසු පාසැල් විවෘත කිරීමේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොකළ ද මෙවර එය අනිවාර්යය කරන බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (06) පැවැති මාධ්‍ය හමුවකදී ඇය පැවැසුවාය.
එමෙන්ම පාසැල් විවෘත කිරීම සඳහා අදාළ මාර්ගෝපදේශයන් විශේෂඥ කමිටු මගින් මේ වන විට සකස් කරමින් පවතින බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
මේ මොහොතේ දෙමාපියන්ට විශේෂ කාර්යභාරයක් පැවැරෙන බව සඳහන් කළ සුසී පෙරේරා මහත්මිය දරුවන්ට පාසැල් ආරම්භ කිරීමෙන් පසු අනිවාර්යෙන්ම රැගෙන යා යුතු පසුම්බියක් සකස් කර දිය යුතු බව ද පැවැසුවාය.
ආහාර ගන්නා අවස්ථාවේදී මුඛ ආවරණය ඉවත් කළ යුතු හෙයින් එහිදී එය මේස මත හෝ වෙනත් ස්ථානවලවල නොතබා තමා සතුව ඇති පසුම්බියේ දැමීමට දරුවන් දැනුවත් කළ යුතු බව ත් ඇය සඳහන් කළාය.
පිරිසිදු අත්පිස්න, අත්සෝදන දියර (Hand sanitizer) දරුවන්ට ලබා දීමට දෙමාපියන් කටයුතු කළ යුතු බවත් ඇය සඳහන් කළාය.
පැය ගණනක් මුඛ ආවරණ පැළැඳීම දරුවන්ට අපහසු විය හැකි නමුත් දරුවන්ට එය හුරු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.