ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවදානමක්

පවතින වැසි සහිත කාළගුණය හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි විය හැකි බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් වන ලෙස ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.

ඩෙංගු වාහක මදුරුවන් සහ කීටයින් පිළිබඳව දිවයින පුරා කරන ලද සමීක්ෂණයකින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩි වී තිබෙන බව හෙළි වී ඇත.

ඒ අනුව නොවැම්බර් මස 04 වෙනි දින වන විට මෙරට ඩෙංගු යැයි සැක කරන රෝගීන් 22 ,902 ක් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් 2979 දෙනෙකු පසුගිය ඔක්තෝබර් මාසයේදී වාර්තා වී තිබේ. නොවැම්බර් මාසයේ ගත වූ මුල් දින 04 තුළ පමණක් ඩෙංගු රෝගීන් 505 දෙනෙකු වාර්තා වී අතැයි ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මේ හේතුවෙන් මෙය  වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වැළක්වා ගැනීම සඳහා මෙම මස 08 දා සිට 13 දා දක්වා බස්නාහිර  සහ නැගෙනහිර පළාත්වල තෝරා ගත් අධි අවදානම් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 59 ක් තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඩෙංගු මර්දන ඒකකය සැලසුම් කර ඇත.

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate