ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලටත් පාලනය කළ නොහැකියි

     විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

නව ඔමික්‍රෝන් ප්‍රභේදය කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් ද පාලනය කළ නොහැකි තත්ත්වයක් බව පර්යේෂණවලින් හෙළි වී ඇතැයි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළා ය.

මෙය ඩෙල්ටා ප්‍ර භේදයටත් වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙන, විකෘති ප්‍රභේදයන් සහිත බැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ නිධන්ගත රෝගවලින් පෙළෙන්නන් වඩාත් ප්‍රවේසම් යුතු බව කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය පිළබඳ පැහැදිලි කිරීමට අද (02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරිය  ප්‍රකාශ කළා ය.

එම නිසා විදේශ රටවල සිට පැමිණෙන සෑම අයෙකුම පී.සී.ආර් පරී්ක්ෂණයට ලක් කළ යුතු බව පවසන විශේෂඥ වෛද්‍යවරිය ජනතාව මැනවින් සෞඛ්‍යය උපදෙස් අනුගමනය කළ යුතු බව ද පැවැසුවාය. එමෙන්ම උත්සව සීමා කළ යුතු අතර පොදු ප්‍රවාහනය තුළ ද වගකීම් සහගත ලෙස ජනතාවට ගමන් කළ හැකි පසුබිමක් සකස් කළ යුතු බව ද ප්‍රකාශ කළා ය.

වෛරසයෙන් උපරිම ලෙස ආරකෂා  වීම සඳහා වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සහ අවදානම් සහගත රෝග තත්ත්වයන්වලින් පෙළෙන්නන් කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ තුන්වෙනි මාත්‍රාව අනිවාර්යයෙන් ගත යුතු බවත් ඒ තුළින් මරණයට පත් වීම හා අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate