ඔමික්‍රෝන් ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරීමේ අවදානමක්

ඇඩනොමි ගේබ්‍රියේසස්

කොරෝනා වෛරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය දැඩි ලෙස විකෘති වී අනෙක් ප්‍රභේදවලට වඩා වේගයෙන් ලෝකයේ රටවල් පුරා ව්‍යප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍යය සංවිධානය අනතුරු අඟවයි.

මෙම නව ප්‍රභේදය මේ වන විට ලෝකයේ රටවල් 77ක් පුරා ව්‍යාප්ත වි ඇති අතර හඳුනා නොගත් රටවල ද මෙය ව්‍යප්ත වී ඇතැයි සැක කරන බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ ප්‍රධානි ඇඩනොමි ගේබ්‍රියේසස් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කර තිබිණි.

 

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමෙන් මතුවන සංකූලතා අවම වුව ද ඒ සඳහා පෙර සූදානමක් නොතිබුණහොත් සෞඛ්‍යය පද්ධතියට දරා ගත නොහැකි මට්ටමකට යළිත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යා  හැකි  බව ද ඔහු අවධාරණය කර තිබේ.

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ඉකුත් නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවෙන් මතු වූ අතර පසුගියදා මෙරටදී ද ඔමික්‍රෝන් ආසාදිතයෙකු හමුවිණි.

 

 

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate