මෙරට සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවැතිය ද ඖෂධ සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක පවතින බැවින් ඒ පිළිබද විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.

සායනවලට මෙන්ම වෛද්‍යවරයෙකු හමුවට පැමිණෙන රෝගීන් තමා දෛනිකව ගන්නා ඖෂධ වර්ග මොනවාද යන්න පිළිබද අවබෝධයක් නැති බවත් ඖෂධයේ හැඩය,ප්‍රමාණය, වර්ණය පිළිබද පැහැදිළි කිරීමක් හැර එම ඖෂධයේ නාමය කීමට ඔවුන්ට දැනුමක් නැති බව ද ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
එකම හැඩය, වර්ණය හා ප්‍රමාණයෙන් ඖෂධ වර්ග ගණනාවක් පවතින නිසා මෙවැනි අවස්ථාවලදී වෛද්‍යවරු ද අසීරුතාවට පත්වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම අනාවරණය කළේ ය
එම නිසා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී ඖෂධ සාක්ෂරතාව පිළිබද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ජයසුන්දර බණ්ඩාර මහතා කීය.
මෙම වැඩ සටහන යටතේ පළමුවෙන්ම බෝනොවන රෝග පවතින රෝගීන්ට තමා ගන්නා ඖෂධ පිළිබදව අවබෝධයක් ලබා දෙන අතර එය දැනුවත් කිරීමේ වැඩමුළු මගින් ආරම්භ කරන බව ද පැවැසීය. එපමණක් ද නොව ලබා දෙන ඖෂධ පිළබදව පැහැදිලි කෙරෙන පත්‍රිකාවක් සමග ඖෂධ ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජයසුන්දර බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.