කළු දිලීර රෝගයෙන් ප්‍රවේසම් වන්න

කොවිඩ් 19 ආසාදිත රෝගීන් පමණක් නොව ශරීරයේ ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින් කළු දිලීර රෝගයෙන් ආරක්ෂා විය යුතු බව දිලීරවේදි විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය ප්‍රකාශ කළාය.

විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයස

දීර්ගකාලීනව බෝ නොවන රෝග පවතින ශරීරයේ ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින් ද කළු දිලීර රෝගයෙන් ආරක්ෂා විය යුතු බව ත් එය වඩාත්උත්සන්න වුවහොත් අන්ධබාවයට පවා පත් විය හැකි බවත් ප්‍රිමාලි ජයසේකර මහත්මිය ප්‍රකාශ කළාය.

කළු දිලීර රෝගය කොවිඩ් 19 වසංගතයත් සමග ආ රෝගයක් නෙවන අතර ඊට පෙර ද එම රෝග තත්ත්වය තිබූ බවත් ඇය සදහන් කළාය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය මෙසේ ද කීය.

කළු දිලීර රෝගය කොවිඩ් 19 වසංගතය එන්නටත් පෙර පැවැති රෝගයක්. නමුත් මේ වන විට කොවිඩ් 19 රොගීන් අතරත් මෙය ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබෙනවා. පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් කළු දිලීර රෝගය වැළදුනු පුද්ගලයින් 12 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.

රෝග ලක්ෂණ

මුහුණේ පැත්තක වේදනාවක් ඇති වෙන්න පුළුවන්.ඒ පැත්ත ඉදිමෙන්න පුළුවන්.හිසේ ඒ පැත්ත වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නාසයේ, උඩු තල්ලේ ලොකු පුල්ලියක් හෝ තුවාලයක් ඇති වෙන්න පුළුවන්. නාසය සිරවී හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ කළු දිලීර රෝගයේ ලක්ෂණයි.

මේ සදහා වහා ප්‍රතිකාර නොගත්හොත් එය ඇස් දක්වා වර්ධනය විය හැකියි. ඇස් එළියට නෙරා ඒමේ ගතියක් පෙනීමේ දුර්වලතාවක් ඇතිවිය හැකියි. මෙය වඩා උත්සන්න වුවහොත්අන්ධබාවයට පත් විය හැකියි. එපමණක් නොව මේ සදහා නියමිත වේලාවට නිසි පරිදි ප්‍රතිකාර නොගතහොත් මොළය දක්වා වර්ධනය විය හැකියි.

වැළදීමේ අවදානමක් තිබෙන්නේ කාටද?

ශරීරයේ ප්‍රතිශක්තිය හීන වූ අයට මෙය වැළදීමේ අවදානමක් පවතිනවා.එ වගේම ශරීරයේ සීනි මට්ටම පාලනය නොකළ දියවැඩියා රෝගීන්ට, නිධන්ගත රෝග නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වූ අයට කළු දිලීර රෝගය වැළදීමේ අවදානමක් තිබෙනවා.එම නිසා කොවිඩ් 19 ආසාදිත රෝගීන් පමණක් නෙවෙයි, ඉහතින් සදහන් කළ අයටත් මෙය වැළදීමේ හැකියාව පවතිනවා.

වළක්වා ගැනීමට නම්,

දියවැඩියා රෝගීන් රුධිර ගත සීනි මට්ටම හොදින් පාලනය කළ යුතුයි.නිධන් ගත රෝග නිසා ශරීරයේ ප්‍රතිශක්තිය හීන වූ අය පස් ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නොයෙදිය යුතුයි.පස් ආශ්‍රිත ක්‍රියාකාරකම් කරන්නේ නම්, පිරිසිදු මුව ආවරණයක් පැළදීමට අමතක නොකරන්න.

එමෙන්ම කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා වීමට ප්‍රතිශක්තිකරණ එන්නත මාත්‍රා දෙකම අනිවාර්යෙන්ම ගන්න.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate