
පසුගිය දිනවල ලෝකයේ කීර්තියට පත් ලාංකිකයින් දෙදෙනෙකුට සුබ පැතීමට Health & Life ඊ – සඟරාව මෙය අවස්ථාවක් කර ගැනීමට තීරණය කළෙමු. එම දෙපළ සෘජුවම වෛද්‍ය විද්‍යා- ක්ෂේත්රයට සම්බන්ධය. පිළිවෙලින් ඔවුන් හඳුන්වා දෙතොත් එක් අයෙක් පසුගිය දිනවල චීන නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වන අනාගත විද්‍යා ත්‍යාගයෙන් පිදුම් ලැබූ ව්‍යාධි වේදය සහ වෛරස්වේදය පිළිබඳ කීර්තිමත් මහාචාර්ය මලික් පීරිස් ය. අනෙත් ශ්‍රී ලාංකිකයා වන්නේ වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ නිර්දේශයෙන් ඇමරිකානු ජාතික පිළිකා උපදේශක මණ්ඩලයට පත් කෙරුණු පර්යේෂණ විද්‍යාඥවරියක වන අශානි තනූජා වීරරත්න ය.
මහාචාර්ය මලික් පීරිස් , කොවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිර යද්දී නිතර කියවුණ නාමයකි. එයට හේතු වූයේ වෛරසවේදය පිළිබද මහාචාර්යවරයෙක් ලෙස ඔහු ඒ පිළිබඳ නොයෙක් පර්යේෂණයන්වල නිරත වූ විශේෂඥයෙක් වූ බැවිණි. මහාචාර්ය පීරිස් මේ වනවිට හොංකොං විශ්ව විද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යායතනයේ වෛරසවේදය පිළිබඳ අධ්යයව ආයතනයේ සේවයේ නිරතව සිටින ලෝකයේ කීර්තිමත් පර්යේෂකයෙකි. හෙතෙම මීට පෙර ලෝකයේ පැතිර ගිය ‘සාර්ස් ’ වෛරසය හඳුනා ගැනීමේදී ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ මහාචාර්යවරයෙක් ලෙස ලෝකයේ පිළිගැනීමට සහ ගෞරවයට පාත්‍ර විය. එමෙන්ම ‘මර්ස් ’වෛරසය පිළිබඳ පර්යේෂණ ගණනාවකට ද ඔහුගේ දායකත්වය ලබා දී ඇත. හෙතෙම ලොව ප්රමුඛ පෙළේ වෛද්‍ය විද්‍යා සගරා මගින් පර්යේෂණ පත්‍රිකා බොහාමයක් ඉදිරිපත් කර ඇති මහාචාර්යවරයෙක් ද වේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ලෝකයේ ප්රමුඛ පෙළේ සම්මානයන් කිහිපයකින් ම ඇගයීමට ලක්ව ඇති මහාචාර්ය මලික් පීරිස් ලොව ප්රමුඛ පෙළේ විද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් Royal Society of London හි සාමාජිකත්වය හිමි ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද වේ. මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයක් වන හෙතෙම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය හදාරා ඇත.

අපගේ ඊ ළඟ කතානායිකාව වන්නේ මහාචාර්ය අශානි තනූජා වීරරත්න ය. වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ නිර්දේශයෙන් ඇය පසුගියදා ඇමරිකානු ජාතික පිළිකා උපදේශක මණ්ඩලයට පත් කෙරිණි. ඇය එම ධූරයට පත් කෙරුණේ ජෝන් හොප්ස්කින් විශ්ව විද්‍යාලයේ , වෛද්‍ය විද්‍යාලයේ පිළිකා රෝග පිළිබඳ මහාචාර්යවරිය ලෙස කටයුතු කරමින් සිටියදීය. ඇමරිකාවේ මේරිලන්ඩ් හි සෙන්ට් මේරිස් කොලීජියෙන් සහ ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇති මහාචාර්ය අශානි , කොලොම්බියා කලා හා විද්‍යා විශ්ව විද්‍යාලයෙන් අනුක හා සෛලීය පිළිකා පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇත. එහිදී ඇයගේ නිබන්ධනය බවට පත්ව ඇත්තේ ඔන්කොලොජි පර්යේෂණ පත්‍රිකාව ය. පසුව සිඩිනි කිමිමෙල් විස්තීර්ණ පිළිකා මධ්‍යස්ථානයේ පර්යේෂණාත්මක සහ චිකිත්සක ඖෂධවේදය පිළිබඳ පුහුණුව ලබා ඇත. අනතුරුව ඇය මානව පරම්පරා පර්යේෂණ ආයතනයේ විද්‍යාත්මක අධ්යක්ෂ ජෙෆ ට්‍රෙන්ඩ් යටතේ මාණ්ඩලික විද්‍යාඥවරියක ලෙස සේවයට එක්ව ඇත. ඇය සිඩ්නි කිම්මල් විස්තීර්ණ පිළිකා මධ්‍යස්ථානයේ පිළිකා ආක්‍රමණ සහ මෙටාස්ටැටිස් වැඩසටහනේ සම නායිකාව ලෙස ද කටයුතු කරයි.
මහාචාර්ය අශානි තනූජා වීරරත්න, පිළිකා හේතුවෙන් වයසට යාමට සිදුවන මෙලනෝමා රෝග තත්ත්වය පිළිබඳ පුළුල් වශයෙන් පර්යේෂණ කළ පර්යේෂිකාවකි. පිළිකා වර්ගයේ ගෙඩියක් ප්‍රතිශක්තිකරණ සෛලවල පටක හරහා සංක්‍රමණය වීමට බලපාන ජෛව සහ භෞතික වෙනස්කම් පිළිබඳව පර්යේෂණ අධ්‍යාපනයන් සිදු කර ඇත. මහාචාර්ය අශානි තනූජා වීරරත්න ලංකාවේ උපත ලබා පසුව සිය දෙමාපියන් සමග දකුණු අප්‍රිකානු ස්වාධීන රාජ්‍යයක් වන ලෙසෝතෝ හි වාසය කර ඇත.
සිරිලක් දිවයිනට අද්විතීය කීර්තියක් ගෙන ආ මෙම ශ්‍රී ලාංකික විද්‍යාඥයින් දෙදෙනාට අපි හිස නමා අචාර කරමු.
1 Comment
So proud of them.. thanks for information.