කොරෝනා වෛරසය ආසාදනය ව ඇති ආසාදිතයින් දවසේ කෑම වට්ටෝරු තුනම අනිවාර්යයෙන් ගැනීමෙන් එම ආසාදිත තත්ත්වයට හොදින් මුහුණ දිය හැකි බව මහාචාර්ය රනිල් ජයවර්ධන පවසයි.

පසුගිය දා කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමින් හෙතෙම ඒ බව ප්‍රකාශ කළේය. හැකිතරම් දියර වර්ග සහ වතුර පානය කිරීම ද වඩාත් ගුණදායක බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
සිය නිවෙස්වලම නිරෝධායනයට ලක්වන කොවිඩ් ආසාදිතයින්ට එම තත්වයට මුහුණදීමේ හොදම ක්‍රමය නිසි ලෙස ආහාර පාන ගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම බව සදහන් කරන ඒ මහතා කොවිඩ් රෝගීන්ට ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සදහා කිසිම ඖෂධයක් මිලදී ගැනීමට නොමැති බව ද ඒ කියයි.
එළවලු හා පළතුරුවලින් ලබා ගන්නා විටමින්, ප්‍රෝටීන් හා ඛනිජලවණ කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිශක්තියට අවශ්‍ය බව සදහන් කරන මහාචාර්ය ජයවර්ධන එම රෝගීන් නිසි වේලාවට ආහාර ගැනීම අමතක නොකළ යුතු බව ද කීය.
දිනකට එළවලු වර්ග තුනක්වත් ආහාරවේලට එකතු කළ යුතු බව ත් දිනකට එක් පළතුරු වර්ගයක් හෝ ආහාරයට ගත යුතු බව ද හෙතෙම සදහන් කළේය.
රනිල බෝග වන කඩල, මුංඇට ,පරිප්පු ද කිරි ආහාරද ආහාරයට ගත යුතු අතර බිස්කට් වර්ගවලින් සිරුරට අවශ්‍ය වන සංඝඨක නොලැබෙන බව පවසන මහාචාර්යවරයා පෝෂණය, සුවපහසු නින්ද,මානසික ඒකාග්‍රතාව හා ව්‍යායාම මෙම රෝගීන්ට අත්‍යාවශ්‍ය බව ද කීය.
ශරීරයට අවශ්‍ය විටමින් ඩී අව් රශ්මියෙන් නොමිලේ ලබාගත හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.