කොරෝනා පාලනය කිරීමට එන්නත පමණක් ප්‍රමාණවත් ද?

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් රෝගය වැළඳීම හෝ බෝවීම පාලනය නොවන අතර එයින් සිදු වන්නේ, බරපතල සංකූලතා හා මරණයට පත්වීම අවම වීම බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය

එන්නත් ලබා ගත්ත ද ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්, රෝගයට දක්වන සංවේදීතාව අනුව මරණයටද පත් විය හැකි බව කොළඹදී අද (25) පැවිති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ ය.

 

එම නිසා රෝගය පාලනය කිරීම සදහා එන්නත්කරණයම ප්‍රමාණවත් නොවන බව කී නියෝජ්‍ය සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල්වරයා, නිවැරදි සෞඛ්‍යය පුරුදු අනුගමනය නොකළහොත් භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ද පැවැසීය.

තුන්වෙනි කොවිඩ් රැල්ලේදී රට නිරෝධායන ඇඳිරි නීති පැනවීම ප්‍රමාද වීම නිසා අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූ බවට චෝදනා එල්ල වූ බවත් එය සෞඛ්‍යය අංශයට පමණක් තනිව කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේ ය.

ඉදිරියේදී උත්සව සමය එළැඹෙන බැවින් ජනතාව ප්‍රවේසම් නොවුණහොත් නැවත රට වැසීමේ තත්ත්වයකට පත් වුවහොත් පුදුම විය යුතු නැති බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවැසීය.

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate