
කොරෝනා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ යාම නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ ය.
ඊයේ (25) දිනයේ කොරෝනා මරණ 29 දක්වා වැඩි වී ඇති අතර එය නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් බවත් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් තවදුරටත් කල්පනාකාරී විය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
ඊයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් මේ මොහොතේ ස්ථිරවම ප්‍රකාශයක් කළ නොහැකි බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, ඕනෑම අවස්ථාවක මරණ සංඛ්‍යාව ඉහළ – පහළ යා හැකි බව පැවැසීය.
මෙම මරණ සම්බන්ධයෙන් වසංගත රෝග අංශයෙන් වාර්තාවක් කැඳවීමට නියමිත බවත් එය ලැබුණු වහාම ජනතාව දැනුවත් කරන බවත් හෙතෙම සඳහන් කළේ ය.
එමෙන්ම නිරෝධායන නීති ලිහිල් කිරීම නිසා වසංගත තත්ත්වය සැහැල්ලුවෙන් නොසිතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින නියෝජ්‍ය සෞඛ්‍යය අධ්යක්ෂ ජෙනරාල්වරයා, රෝග ලක්ණෂයක් ඇතොත් වහාම ප්‍රතිකාර ගන්නා ලෙස ද වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.