කොරෝනා රැල්ලෙන් පමණක් නොව බෝනොවන රෝග රැල්ලෙන් ද ආරක්ෂා වෙමු.

කොවිඩ් 19 වසංගතයත් සමග සමාජය පුරාකතා බහට ලක් වී ඇති ප්‍රබලම මාතෘකාව වී ඇත්තේ බෝ නොවන රෝග රැල්ලයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකින්ම වාර්තා වී ඇති කොරෝනා මරණ අතර වැඩි ප්‍රතිශතයක් වාර්තා වන්නේ ද බෝනොවන රෝග පැවැති පුද්ගලයන් ය.එම නිසා බෝ නොවන රෝග පවතින පුද්ගලයින්ට කොරෝනා ආසාධනය වීම භයානක තත්ත්වයකි.ඒ නිසා ඒ පිළබදව වැඩි අවදානයක් යොමු කළ යුතුමය.

විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි
විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි

දියවැඩියාව,අධික රුධිර පීඩනය,කොලෙස්ටරෝල්, පිළිකා, වකුගඩු, දීර්ඝකාලීන ස්වසන රෝග පවතින, නිසි ආකාරයට පාලනය නොවූ රෝගීන්ට කොවිඩ් 19 ආසාධනය වීමෙන් ඇතිවන සංකූලතා වැඩිය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය ලබා දුන් සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට කොරෝනා ආසාධිත මරණවලින් සියයට 60 ක්ම වාර්තා වන්නේ දීර්ගකාලීනව පැවැති බෝනොවන රෝග නිසාය.

 

එයින් සියයට 54 ක් දියවැඩියා රෝගය නිසාත් සියයට 52 ක් අධික රුධිර පීඩනය නිසාත් සියයට 52 ක් හෘද රෝග නිසාත් බව නවතම සංඛ්‍යාලේඛනවල සදහන් වෙයි.තවද සියයට 20 ක් දීර්ගකාලීන ස්වසන රෝගවලින් ද සියයට 19 ක් වකුගඩු රෝග වලින් ද සියයට 5 ක් අක්මාව ආශ්‍රිත රෝගවලින් ද මිය යයි. ඊට අමතරව කොලෙස්ටරෝල් පවතින රෝගීන් සියයට 10 ක් පිළිකා රෝගීන් සියයට 8 ක් සහ ආඝාතය පවතින රෝගින් සියයට 7 ක් පමණ වන බව නවතම සංඛ්‍යාලේඛන තහවුරු කරයි.

මෙම මරණ අතරින් සියයට 75 ක් පමණ වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ය.එයින් ද සියයට 88 ක් පමණ මරණ වාර්තා වන්නේ එන්නත් නොගත් පුද්ගලයින්ය.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් පමණක් නොව වයස අවුරුදු 35 පසු කිරීමත් සමග ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැඩිදෙනෙකු බෝ නොවන රෝගයවලින් පීඩා විදිති. එපමණක් නොව බෝනොවන රෝගවලට දරුවන් ද ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතී. මෙයට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ දරුවන් අධික ලෙස තරබාරු වීමයි.මේ තත්ත්වය බෝනොවන රෝග අවදානමට අතවනන්නකි.මෙලෙස බෝනොවන රෝග රැල්ල පාලනය කළ නොහැකි වී ඇත්තේ නොගැලපෙන ජීවන රටාවකට අනුගත වීම නිසාවෙනි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග රෝගීහු විශාල සංඛ්‍යාවක් නිවස තුළදීම මිය යති. මෙය කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ඇතිවූ බරපතල ඛේදවාචකයකි. කොවිඩ් 19 වසංගත තත්ත්වයට පෙර ද බෝනොවන රෝගීන් මිය ගියේය. ශ්‍රී ලංකාවේ වසරකට මරණ 140000 ක් පමණ වාර්තා වෙයි.ඉන් 12000 ක් පමණ මිය යන්නේ බෝනොවන රෝගවලිනි.

ආහාර රටාව

අපේ ජීවන රටාව තුළ වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ අපේ ආහාර සංස්තෘතියටයි. අන් සියලු කාර්යයන්ට වඩා ආහාර පිළිබදව සැලකිලිමත් වුව ද නොසැලකිලිමත් බවක් දක්වන්නේ ද අහාර රටාව ගැනය. අපේ ආහාර වට්ටෝරුව ගත් විට බෝනොවන රෝගවලට වැඩියෙන්ම අහිතකර වන්නේ ලුණු සහ සීනිය.දිනකට සීනි තේ හැදි හයක් සහ ලුණු තේ හැදි එකකට වඩා නොගත යුතුය.

වැරදි ජීවන රටාව ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍යයට බලපායි. හැකි නම්, ආහාර පිසින අවස්ථාවේ ලුණු නොදමා, පිසීමෙන් පසු ලුණු මිශ්‍ර කිරීම වඩාත් යෝග්‍ය වේ. එයින් ආහාරවලට ලුණු උරා ගැනීමක් සිදු නොවන නිසා ආහාරවලින් ශරීරයට ඇතුලුවන ලුණු ප්‍රමාණය අවම කර ගත හැකිය.එමෙන්ම බත් පිසීමේදී ලුණු දැමීම කොකළ යුතුය.එය වැඩි දෙනෙකු අනුගමනය කරන වැරදි පුරුද්දකි.

ලුණු භාවිතය

https://health.clevelandclinic.org/
Image – health.clevelandclinic.org

අධිරුධිර පීඩනයට මෙන්ම වකුගඩු රෝගවලට ද ව්‍යායාම අඩුකමට වඩා ලුණු වැඩියෙන් භාවිත කිරීම හේතුවී ඇති බව දැනට විදේශ රටවල පවා කර ඇති පර්යේෂණවලින් තහවුරු වී තිබේ.එමෙන්ම සිරුරට අහිතකර මේදය සහිත ආහාර ගැනීම ද බලපා ඇත.එමෙන්ම විශේෂයෙන් මැදි වියේ පසුවන අයට බේකරි ආහාර ඉතාමත් අහිතකරය. අධික ලෙස බේකරි ආහාර සහ මේදය බහුල ආහාර ගැනීම මගින් ශරීරයේ කොලේසටරෝල් මට්ටම ඉහළ ගොස් හෘදරෝග ඇතිවීමේ අවධානමක් ඇතිවේ.

ව්‍යායාම

කොවිඩ් වසංගතයත් සමග නිවෙස්වලට කොටු වී සිටීම නිසා ශරීරයට අවශ්‍ය ව්‍යායාම සිදු නොවේ.ඒ තත්ත්වය මත බාල මහලු කවුරුත් වැඩියෙන් විවිධ ආහාර ගැනීමට පෙළඹී සිටිති.මේ තත්ත්වය මත කොරෝනා රැල්ල මෙන්ම බෝනොවන රෝග රැල්ලක් ද ඇති වී තිබේ.මෙහිදී ආහාරයට ගන්නා බත් ප්‍රමාණය අවම කර ශාරීරික ව්‍යායාමවලට මුල් තැනක් දීම අතිශයින් වැදගත් ය.බෝනොවන රෝගීන් පමණක් නොව නිරෝගී පුද්ගලයින් ද මේ පිළිබද අවධානය යොමු කළ යුතුය.

ඒ සදහා දිනකට දහදිය පිටවන කුමක් හෝ කාර්යයක නිරත විය යුතුය. ශාරීරක ව්‍යායාම මධ්‍යස්ථාන සොයා යා යුතු නැත.දිනකට විනාඩි 150 ක් පමණ නිවසේ සිටම ව්‍යායාම කළ හැකිය. වයස අවුරුදු 18 ට අඩු දරුවන් දිනකට පැයක්වත් ව්‍යායාමයක නිරත විය යුතුය.
මේ අවස්ථාවේදී අපිට අභියෝග දෙකකි.ඒ කොවිඩ් වසංගතයෙන් බේරීමත් බෝනොවන රෝගවලින් ආරක්ෂා වීමත් ය.එය තරමක් අභියෝගාත්මක මුත් මේ තත්ත්වය මානසික වදයක් හෝ බියක් තැතිගැන්මක් ඇති කර නොගෙන මුහුණ දීමට ශක්තිමත් වීම වැදගත්ය.

බෝ නොවන රෝග නිට්ටාවටම සුව කළ නොහැකි වුවත් පාලනය කර ගත යුතු රෝගාබාධයන්ය. ඒ නිසා ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් අවදානම් තත්ත්වයෙන් මිදිය හැකිය.

මෙම රෝගීන්ට හදිසියේ රෝගය උත්සන්න වුවහොත් රෝහලකට ඇතුලු වීමට හෝ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකින් ප්‍රතිකාර ගැනීමට කිසිදු බාධාවක් නැත.කොරෝනා රෝගීන් ඇතුළත් කර ඇති රෝහල්වලින් ද මෙවැනි රෝගීන්ට ඕනෑම අවස්ථාවක ප්‍රතිකාර ලබා දෙයි. හදිසි අවස්ථාවක් ඇති වුවහොත් 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ සහය ලබා ගත හැකිය. නිරෝධායනය වන නිවෙස්වල අයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙන්ම ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරීන්ගේ දුරකතනවලට අමතා ඔවුන්ගේ අධීක්ෂණය යටතේ හදිසි ප්‍රතිකාර සදහා රෝහල් ගත විය හැකිය.

(ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

 

 

 

Related post

Leave a Reply

Your email address will not be published.

Translate