පැතිර යන මිථ්‍යා මත විශ්වාස නොකර කොවිඩ් සුව වූවන්, ආසාදිතයන් සහ කොවිඩ් 19 සඳහා එන්නත් ලබා ගත් පුද්ගලයන් ස්නානය කර පිරිසිදුව සිටින්නැයි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ඉන්දික කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

පැතිර යන මිථ්‍යා මත හේතුවෙන් මාසයක් පමණ ස්නානය නොකර සිටින කොවිඩ් සුව වූවන් මෙන්ම එන්නත ලබාගත් තැනැත්තන් පිළිබඳ කතා අසන්නට ලැබී ඇති බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම ප්‍රකාශ කළේය.
ස්නානය කිරීමෙන් නියුමෝනියා තත්වයක් ඇතිවේය යන බිය එයට හේතුවක් විය හැකි බවත් පැතිර යන එම කතාවේ කිසිම වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නොමැති බව ද මහාචාර්යවරයා පැවැසීය.
පීනසය වැනි තත්ත්වයන් පවතින පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වී සුව වූ පසු ද සෙම සහ කිවිසුම් යාම සාමාන්‍ය ස්වභාවයක් බවත් කොවිඩ් තත්ත්වය තුළ ද ස්නානය කර පිරිසිදුව සිටීම ඉතා වැදගත් වන බවත් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2 Comments
Very important information.. thanks.
Thank u very much