කොවිඩ් එන්නත ගැනීමෙන් ගැබිණි මවුවරුන්ට හා බිළිදුන්ට අසාත්මිකතා ඇති වෙන්නේ නෑ.

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගත් ගැබිණි මවුවරු සහ අලුත උපන් බිළිදුන්ට අසාත්මිකතා ඇතිවේද යන්න පිළිබදව වසරක කාලයක් ගත වන තෙක් අධීක්ෂණය කරන බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළාය.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා

එන්නත් ලබා ගත් ගැබිණි මවුවරුන්ට හෝ අලුත උපන් බිළිදුන් කිසිවෙකුට අසාත්මකතාවක් ඇති වූ බවට මෙතෙක් වාර්තා වී නැති බවත් එන්නත් ලබා නොගත් ගැබිණි මවක් වේ නම්, හැකි ඉක්මනින් එම එනන්ත ලබා ගන්නා ලෙස තමා ඉල්ලා සිටින බවත් ඇය පැවැසුවාය..

ගර්භනී මවුවරුන්ගෙන් සියයට 80 කට පමණ මේ වන විට එන්නත් ලබා දී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත දකුණු ආසියාවේ මුලින්ම ගැබිණි මවුවරුන්ට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේ ශ්‍රී ලංකාව බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (21) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මෙසේ ද කීවාය.

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා ගැබිණි මවුවරු 5000 කට අධික සංඛ්‍යාවකට කොවිඩ් 19 වසංගතය ආසාදනය වුණා. ඉන් ගැබිණි මවුවරු 52 ක් ජීවිතක්ෂයට පත් වුණා. එබැවින් ගැබිණි මවුවරු ආරක්ෂා කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව එන්නත ලබා දීම ආරම්භ කළා. මෙම එන්නත්කරණය නිසා ගැබිණි මවුවරු බොහෝ දුරට ආරක්ෂිතයි. කොවිඩ් වෛරසය ආසාදනය වුණත් ඉන් ඇති වන සංකුලතා හා මරණ වළක්වා ගැනීමට මේ මගින් හැකිවී තිබෙනවා. කොවිඩ් එන්නත ලබා ගත් මවුවරුන්ගෙන් දරුවන්ට අසාත්මකතා ඇතිවන බවට විවිධ මත පළ වෙනවා. ඒවා මිථ්‍යා මත. ඒ වගේම මවට කොවිඩ් ආසාදනය වුණ පමණින් අලුත උපන් දරුවන්ට කොවිඩ් ආසාදනය වෙන්නේ නෑ.

ඒ වගේම තමයි කිරිදෙන මවුවරු කොවිඩ් ආසාදනය වුණත් දරුවාට කිරි දීම නතර කරන්න එපා. පිරිසිදු මුඛ ආවරණයක් නිවැරදිව භාවිත කරමින් දරුවාට මවුකිරි ලබා දෙන්න.

Editor Health and Life

Related post

2 Comments

  • Thanks for information..

    • welcome your comments

Leave a Reply

Your email address will not be published.

Translate