කොවිඩ් එන්නත ගැනීමෙන් ලිංගික ශක්තිය රැක ගත හැකියි.

ලිංගික ශක්තිය ආරක්ෂා කර ගැනීමට නම්, කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගන්නා ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා ප්‍රකාශ කළේ ය.

     විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී එය උත්සන්න වූ පුද්ගලයින්ට මදසරු ලක්ෂණ පෙන්වුම් කරන බවත් එන්නත් ලබා ගෙන සිටියේ නම්, මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකියාව තිබූ  බවත් විශේෂඥ වෛද්‍යවරයා  පැවැසීය.

සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා ඒ බව සඳහන් කළේ ය.

මෙම මදසරු තත්ත්වය වඳභාවයක් ලෙස සැලකිය නොහැකි අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී එය උත්සන්න වූ පුද්ගලයින්ට යම් යම් ලිංගික වෙනස්කම් සිදුවිය හැකි බව අජිත් කරවිට මහතා කීය.

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත ගැනීමෙන්  ලිංගික සෞඛ්‍යයට කිසිදු බලපෑමක් ඇති නොවන අතර ලිංගික ශක්තිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම්, වහාම එන්නත ලබා ගන්නා ලෙස තමා ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේ ය.

සමාජයේ පැතිර යන පදනමක් නැති කටකතාවලට නොරැවටෙන ලෙස ද වෛද්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate