කොවිඩ් එන්නත ලබා නොගැනීමෙන් දරුවන්ට විභාගවලට පෙනී සිටිය නොහැකිද?

වයස අවුරුදු 18 – 19 වයස් කාණ්ඩයේ පාසැල් දරුවන් කොවිඩ් 19 එන්නත්කරණයේදී  කිසිදු දරුවෙකුට අසාත්මකතාවක් ඇති නොවුණු බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.

විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව

ඉකුත් ඔක්තෝබර් 15 දා මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට කොවිඩ් 19 එන්නත ලබා දීම ආරම්භ කළ අතර මේ වන විට දරුවන් තුන්ලක්ෂ හතලිස් දහසකට (3 40 000) එන්නත ලබා දී තිබෙන බවත් එම කාර්යාංශයේදී මීට සුළු මොහොතකට පෙර පැවැති මාධ්‍ය හමුවකදි ඒ මහතා සඳහන් කළේ ය. එමෙන්ම සංකූලතා ඇති දරුවන් 20 000 කට පමණ මේ වන විට එන්නත ලබා දී තිබෙන බව ද ඒ මහතා පැවැසීය.

එන්නත් ලබා දෙන ස්ථනයේදී දරුවන් කිහිපදෙනෙකු ක්ලාන්තය හා සුළු වේදනාවක් හැරුණු විට බරපතල සංකූලතාවක් ඇති නොවූ බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළ බව රංජිත් බටුවන්තුඩාව මහකා පැවැසීය.

එමෙන්ම එන්නත ලබා ගැනීම සඳහා දරුවන්ට බල කිරීමක් නොකරන බව පැවැසූ විශේෂඥ වෛද්‍යවරයා එන්නත නොගත්ත ද විභාගවලට පෙනී සිටීමට හෝ වෙනත් කටයුත්තකට එය බාධාවක් නොවන බව සඳහන් කළේ ය.

එසේ වුව ද කොවිඩ් 19 එන්නත ලබා ගැනීම සමාජ වගකීමක් සේ සලකා සියලු දෙනාම එම එන්නත ලබා ගන්නේ නම් වඩා යහපත් බව ද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate