කොවිඩ් 19 ආසාධනය වී සුව වුව ද ටික කාලයක් යනතෙක් ශරීරයේ යම් යම් අපහසුතා ඇති විය හැකි අතර ඇතැමුන්ට එම තත්ත්වය වසරක් පමණ ගත වන තෙක් පවා තිබිය හැකි බව හෝමාගම මූලික රෝහලේ ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබඩ මහතා සදහන් කළේ ය.

පශ්චාත් කොවිඩ් සමයේදී හිසරදය, පපුවේ ගැස්ම, කැස්ස, කෑම අරුචිය, ,නින්ද නොයාම හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුකදී විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.
කොවිඩ් 19 බරපතල ලෙස ආසාධනය වූවන්ගෙන් සියයට 5 -10 කට පමණ පශ්චාත් කොවිඩ් සමයේදී පෙනහළුවල ගැටලු ඇති විය හැකි බවත් සංකූලතා දිනෙන් දින වර්ධනය වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවත් හෙතෙම සදහන් කළේ ය.
එය බිය නොවිය යුතු තත්ත්වයක් බව සදහන් කළ හෙතෙම කොවිඩ් ආසාධිතව නිරෝධායනය වන කාලයේදී නිවසේ එදිනෙදා කටයුතු වල නිරත වන්නැයි ද කීය. එසේ නොවුණ හොත් ශරීරයේ පේශීන් දුර්වල වී සිය සාමාන්‍ය කටයුතු කිරීමේදී එම පේශීන් යම්තාක් දුරකට අක්‍රීය වීම් සිදුවිය හැකි බව ද පැවැසීය.
කොරෝනා ආසාධිත රෝගීන් හැකි තාක් දියර වර්ග පානය කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ ය.