කොවිඩ් 19 එන්නත් වර්ග තුනක ප්‍රතිශක්තිකරණය පහත වැටිලා

ඇමෙරිකාවේ කොවිඩ් 19 වෛරසය සඳහා භාවිත කරන මොඩර්නා (Modern) ,ෆයිසර් (Pfizer) සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) යන එන්නත් තුනෙහි ප්‍රතිශක්තිකරණය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව නවතම අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල පිරිසක් අතර මෙම එන්නත් කාර්යක්ෂමතාව සියයට 35 සහ සියයට 85 අතර පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලක්ෂ අටකට ආසන්න සංඛ්‍යාවකගේ වාර්තා ඇසුරින් කළ අධ්‍යයනයකදී මේ බව තහවුරු වී ඇති අතර ඉකුත් මාර්තු මාසයේදී ඩෙල්ටා ප්‍රභේදය ඇමෙරිකානු ප්‍රජාව අතර පැතිර යාම හා සමානව මෙම එන්නත්වලට ආසාදන වැළැක්වීමේ හැකියාව තිබූ බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකක ඵලදායිතාව සියයට 89 සිට 58 දක්වා ද ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකක ඵලදායීතාව සියයට 87 සිට සියයට 45 දක්වා ද ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ පළමු මාත්‍රාවේ පමණක් ඵලදායිතාව සියයට 86 සිට සියයට 13 දක්වා ද එම මාස 06 ක කාලය තුළ පහත වැටී ඇති බව මෙම අධ්‍යයනයට අනුව හෙළි වී තිබේ.

නවසීලන්තයේ ඕකලන්ඩ්හි මහජන සෞඛ්‍යය ආයතනය, සැන් ෆ්‍රැන්සිස්කෝ පුරවැසියන්  පිළිබඳ වෛද්‍ය මධ්‍යස්ථානය සහ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍යය විද්‍යා මධ්‍යස්ථානයේ කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය කර ඇත.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate