කොළඹ දිස්ත්‍රික්කයේ පාසැල්වලට පැමිණෙන, පිට පළාත්වල දරුවන්ට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත එළැඹෙන සෙනසුරාදා (23) සිට දිවයින පුරා පිහිටි සියලු වෛද්‍ය නිළධාරි කොට්ඨාශයකම පවතින මධ්‍ය සායන හරහා ලබා දීමට පියවර ගෙන තිබෙන බව පවුල් සෞඛ්‍යය සේවා කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

වයස අවුරුදු 18 – 19 වයස් කාණ්ඩයේ දරුවන් එන්නත්රණය ඉකුත් 15 දා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ අතර එහිදී කිසිදු දරුවෙකුගෙන් සංකුලතාවක් හෝ අසාත්මකතාවක් වාර්තා නොවූ බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
ඇතැම් පාසැල්වල දරුවන්ගේ පැමිණීමේ අඩුවක් පෙන්වුම් කළ අතර එය බොහෝ දුරට පිට පළාත්වල සිට කොළඹ පාසැල්වලට පැමිණෙන දරුවන්ට සංචරණ සීමා හේතුවෙන් පැමිණීමට නොහැකි වීම නිසා වන්නට ඇතැයි ද ඇය පැවැසුවාය.
ලබන 21 දින පාසැල් විවෘත කිරීමෙන් පසු දිවයින පුරා එන්නත්කරණය ආරම්භ කරන බව සඳහන් කළ ඇය, මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට සිය ජාතික හැඳුන්ම්පත ඉදිරිපත් කර එන්නත ලබා ගත හැකි බව ද කීවාය.
නිරෝගී දරුවන්ට එක එන්නත් මාත්‍රාවක් පමණක් ලබා දීමට තීරණය කර තිබෙන බව වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
1 Comment
All the best in future to all of you.. good luck.