හැකි ඉක්මනින් පාසැල් විවෘත කළ යුතු බවත් දරුවන් මෙලෙස හුදෙකලා වීම කොවිඩ් 19 වසංගතයටත් වඩා තත්ත්වය අවදානම් බවත් කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම දරුවන්ට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොදීම පාසැල් විවෘත කිරීමට කිසිදු බාධාවක් නොවන බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී (01) අද පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
වැඩිහිටියන් කොවිඩ් එන්නත ලබා ගැනීම මගින් දරුවන් සුරක්ෂිත බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා ජාතික වගකීමක් ලෙස සලකා සෑම වැඩිහිටියෙකුම එන්නත ලබා ගත යුතු බව ද පැවැසීය.
දරුවන් හා සම්බන්ධ වන ගුරුවරු, පාසලේ අධ්‍යයන – අනධ්‍යයන සේවකයින්, අරක්කැමියන්, පාසැල් බස් රථ රියදුරන් හා සේවකයින් ඇතුළු පාසැල් දරුවන්ට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් එන්නත ලබා ගත යුතු බව ද සඳහන් කළේ ය.
පාසැල් විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අධ්‍යාපන අමාත්‍යංශයට යවා ඇති බවත් දරුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත කිරීම මගින් ආරක්ෂා කර ගත හැකි බවත් විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
1 Comment
Great post.