දරුවන් පාසල් යැවීමට බිය වන්න එපා.

විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ

ලෝකයේ රටවල් කොවිඩ් 19 වසංගතයට කොපමණ කාලයක් මුහුණ දීමට සිදුවේද යන්න පිළිබඳව නිශ්චිතවම කිව නොහැකි බව ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කර තිබෙන බැවින් නිවැරදි සෞඛ්‍යය මාර්ගෝපදේශවලට අනුකූලව දරුවන් පාසල් යවන ලෙස කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ මහතා සඳහන් කළේ ය.

වසර දෙකක් පුරා දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි වීමෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවත් දරුවන්ගේ දෑස් පෑදීම සමාජ වගීකමක් වන බව ත් ඊයේ (21) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.

තම දරුවාට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස,ගඳ – සුවඳ දැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටි ඒ මහතා රෝගය කුමක්ද? යන්න පිළිබඳව නිශ්චිතව හඳුනා ගන්නා තෙක් දරුවා පාසල් නොයවන ලෙස ද ඉල්ලා සිටියේ ය.

විවෘතව පවතින සෑම පාසලක් සමගම කලාප වෛද්‍ය නිලධාරීන්ගේ හා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක් වන අතර පාසල හා සෞඛ්‍යය නිලධාරීන් අතර මනා සම්බන්ධතාවක් ද පවතින බැවින් පාසල සුරක්ෂිත ස්ථානයක් බවට පත් වී ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

සෑම විටම දෑත් පිරිසිදුව තබා ගැනීමත් මුඛ ආවරණ පැළඳීමත් සම්බන්ධයෙන් දරුවන්ට උපදෙස් දෙන ලෙසත් නිවසේදී පිළියෙල කළ පෝෂ්‍යදායී ආහාර වේලක් දරුවන්ට ලබා දීමටත් කටයුතු කරන ලෙස ද විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලීමක් කළේ ය.

එමෙන්ම මේ වන විට එන්නත ලබා දෙන වයස් කාණ්ඩයේ දරුවන්  පහසු ඕනෑම ස්ථානයකින් එන්නත ලබා ගන්නා ලෙස දැනුම් දෙන දිලිප් ලියනගේ මහතා රෝගයෙන් ඇති වන සංකූලතා පාලනය කර ගැනීමට ඇති එකම මග එය පමණක් වන බව ද වැඩිදුරටත් පැවැසීය.

 

 

Editor Health and Life

Related post

1 Comment

  • Good article..

Leave a Reply

Your email address will not be published.

Translate