දරුවන් වැඩි වේලාවක් පරිගණක තිරය බලා සිටීමෙන් බුද්ධි වර්ධනයට බලපෑමක් විය හැකියි.

education, cyberbullying and people concept – tired or sad student boy with laptop computer lying on desk at home suffering from bullying

ගෝලීය වසංගතය හමුවේ පාසල් අධ්‍යාපනය තරමක් පසුබෑමට ලක්වීමට ඉඩ නොදී අඛණ්ඩව පාසල් වගේම විශ්ව විද්‍යාල, වෙනත් වෘත්තීන් අධ්‍යාපනය ලබා දීමට Online අධ්‍යාපනය ක්‍රමයට හුරුවුණි. මේ රටාව තුළ දරුවාට සිදුවන යහපත් ප්‍රතිඵල වගේම අයහපත් ප්‍රතිඵල ගැනත් කතා කරන්න හිතුවා. ඒ සඳහා අප සම්බන්ධ කර ගත්තේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ  ප්‍රජා  වෛද්‍ය විශේෂඥ ඉනෝකා වික්‍රමසිංහ මහත්මියයි.

ප්‍රජා  වෛද්‍ය විශේෂඥ ඉනෝකා වික්‍රමසිංහ

ළමයින්ගේ අධ්‍යාපනය දිගටම පවත්වාගෙන යන අරමුණක් එක්ක යනකොට විකල්ප මාර්ගයක් තමා මේ Online අධ්‍යාපනය ක්‍රමය. එතකොට ඒකේ හොඳ වගේම නරක පැත්තත් තියනවා.

Online අධ්‍යාපනයේ හොඳ පැත්ත කතා කළොත් ඉන් එකක් තමා යම්තාක් දුරට ළමයින්ට දැනුම දීම. පාසල් වැඩ අඩාල වෙනකොට online ක්‍රමයෙන් ඒක දෙන්න පුළුවන් යම්තාක් දුරකට. Online ප්‍රායෝගිකව කියන එකෙන් යම් ප්‍රමාණයකට ළමයින්ගේ ප්‍රායෝගිකව කුසලතා වර්ධනය කරන්නත් ඒක යොදා ගන්න පුළුවන්. හැබැයි ඒක හොඳට සැලසුම් කරන්න ඕන. දැනුම විතරක් නම් දෙන්නේ ළමුන්ගේ දැනුම විතරයි වැඩි වෙන්නේ. ළමයින්ට පැවරුම් දෙනව නම් ඊළඟ එක පරික්ෂා කරන විදිහක් තියෙනවා නම්, ළමයින්ට දැනුම සොයාගෙන යන්න උගන්වන්න පුළුවන්. එතකොට ඒ දැනුම ප්‍රායෝගිකව භාවිත කරන්න ගෙදර දී පුරුදු කරන්න.

කණ්ඩායමක් විදියට වැඩකරන දරුවාට කණ්ඩායම් හැඟිම්, සාමුහිකත්වය, නායකත්වය අනෙක් දරුවන් එක්ක බෙදාහදා ගැනිමේ කුසලතා, අනෙක් අයට ගෞරව කිරිමේ කුසලතා, ඉවසිමේ කුසලතා වැනි ගොඩාක් දේවල් සාමුහික ක්‍රියාකාරකම් නැතිවීම හා සමාජ සම්බන්ධකම් නැති වීම නිසා අහිමි  වෙනවා.එය දරුවාගේ පැත්තෙන් යම් අඩුපාඩුවක්. එතකොට තව දෙයක් තමා ළමයි දිගින් දිගටම තිරය (Screen) දිහා එක දිගට බලා හිඳිම තුළින් එකක් තමා ළමයින්ට උදාසීනත්වය කියන එක ඇතිවෙන්න පුළුවන්. මොකද ඊට පස්සේ ළමයින්ට ප්‍රායෝගිකව එපා වෙන්න පුළුවන්.

මේ ක්‍රමය හරහා පාසලේ දී ලැබෙන සාමුහිකත්වය තුළින් ගෙදර ඉදන් Online හරහා කිරීම තුළ පුද්ගලිකව ජිවිතය ගොඩනැගෙනවා.

දෙවැනි එක ළමයා Screen එක On කරලා වෙන Screen එකක් බලනවා. දෙමව්පියන් හිතන්නේ ළමයි ඉගෙන ගන්නවා කියලා. එතකොට සමහර මාධ්‍ය  තුළ විවිධ වු දේවල් තියනවා. එකක් ගත්තොත් කාටුන්. ළමයි කාටුන් වලට ආසයි. කාටුන් වලට ළමයි ඇබ්බැහි වෙනවා ඉබේම.

ඊට පස්සේ නව යොවුන් වියෙහි ළමයි ඒ කිව්වේ (Adolescence) අවුරුදු 11 සිට අවුරුදු 19 විතර ළමයි හෝමෝන ක්‍රියාකාරීත්වයක්  එක්ක ඒ අය බැරිවෙලාවත් මේ Online පන්තියට යන්නේ නැතුව Screen එකට ඕනවට වැඩිය ඇබ්බැහි වුණොත්. සමාජ මාධ්‍යයේ  ඔස්සේ හෝමෝන උද්දීපනය කරන දේවල් , ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් එක්ක chat කරන්න පුළුවන්. ඒ විදියේ දර්ශන බලන්න පුළුවන්. එවැනි චිත්‍රපට බලන්න පුළුවන්. ඒ වාගේ කාටුන් බලන්න පුළුවන්. එතකොට දරුවා දන්නේ නැහැ හොඳ නරක තේරුම් ගන්න. මොකද ඒ වයස වෙනකොට ළමයාගේ ඒ කොටස වර්ධනය වෙලා නැහැ. Prefrontal Cortex එක අවුරුදු 22 අවුරුදු 23 ක් යනකම් හොඳට සංවර්ධනය වෙන්නැහැ. ඒක සංවර්ධනය වුණාම තමා හොඳ නරක කියන එක හිතලා බලලා තීරණය කරන්න පුළුවන්.

ඊට පස්සේ අවුරුදු 12 ත් අවුරුදු 14 ත් අතර ළමයි සාමාන්‍යෙයන් එක දිගට විනාඩි 45කට වැඩිය Screen එකේ ඉන්න හොඳ නැහැ. මොකද හේතුව මොළයේ නියුරෝන නිකං මොකක් හරි දිහා බලන් ඉන්නවා විතරයි. හිතන් නැහැ. ක්‍රියාකාරකමක් වෙන්නැහැ. එතකොට ළමයාගේ මොළයේ වර්ධනයට එය බලපානවා. ඒක එයාගේ බුද්ධියටත් බලපානවා. මානසික සෞඛ්‍යයටත් බලපානවා.
දරුවාගේ ඇස් වලටත් බලපානවා. සමහර ළමයි කන්වලට Ear Phone දා ගෙන වැඩ කරනවා. ඒක ඕනවට වැඩිය Volume වැඩි කර ගෙන ඇසීම තුළ කන් ඇසීම අඩු වෙන්නත් පුළුවන්. ඇසිමේ දුර්වලතා සාමාන්‍යයෙන් ඕනවට වඩා කනේ ස්නායු දිගින් දිගටම මෙහෙම වුණාම ගොඩාක් ලොකු සද්ද විතරයි එයාට ඇහෙන්න ගන්නේ . මෙහිදී බුද්ධි වර්ධන ගැටලු  එනවා. මානසික සෞඛ්‍ය ප්‍රශ්න එනවා.

˝ඒ එක්කම ළමයාගේ ආකල්ප මෙහෙම වෙන්නත් පුළුවන්. ඉස්කොලේ යන්න ඕන නැහැ. මෙහෙමත් ඉගෙන ගන්න පුළුවන්නේ. ඉගෙන ගන්නට ඕන නැහැ ජීවත්වෙන්න.˝ වගේ දේවල් හිතට එන්නත් පුළුවන්. එතකොට එය එයාගේ සම්පුර්ණ සංවර්ධනයට බලපානවා. එවැනි දේ තමා Online අධ්‍යාපන ක්‍රමයේ  අවාසි පැති.

ඊළඟට තුන්වන එක තමා Online අධ්‍යාපනය ක්‍රමයේ ගුණාත්මකබාවය. අද්‍යාපන ක්‍රමය සැලසුම් කරන අය දරුවන්ගේ අධ්‍යාපනයේ මුලික අධ්‍යාපනයේ වැඩිදියුණු කරන්න ඕනි. නැතුව නිකම්ම සටහනක් දීලා කියන එකෙන් වැඩක් නෑ. ඒ වේලාවට ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න ඕන. ඒ ගැන කතා කරන්න ඕන. පොඩි පොඩි අත්වැඩ ක්‍රියාකාරකම් ගෙදර දි කරන්න ළමයින්ට පවරන්න ඕනි. එතන දි ඒ ළමයාට ඒකට වේලාවක් දෙන්න ඕන කරන්න. ඊළඟ දවසේ ඒක ඇගයිමක් කරන්න. එවැනි Online අධ්‍යාපන ක්‍රමවේදයකින්  වෙනස් වෙන්න ඕනි. වඩාත් අධ්‍යාපනයේ හා බැදුණු දේවල් කරන්න.

ළමයින්ගේ ආතතිය පාලනය ,කාලය කළමණාකරණය ඒ එක්කම සංවේදිතාව වැඩි කරන්න , මානසික සෞඛ්‍ය  ප්‍රවර්ධනය කරගැනීම කියන එක දෙමාපියන්ට කරන්න පුළුවන්. ආතතිය හඳුනාගැනිමේ ක්‍රමවේද

 

මොනවාද ?තමාට  ආතතිය ගෙන දෙන දේවල් මොනවාද ? ඒවා ආවම මගේ සිතට එන සිතුවිලි මොනවාද? ඇඟට දැනෙන්නේ කොහොම ද ? මට එන හැඟිම් මොනවාද ? කියලා අඳුරගන්න ළමයව පුරුදු කරන්න ඕන.

එතකොට ඒවායෙන් පස්සේ කොහොම ද කළමණාකරණය කරගන්නේ. එයාට ගැඹුරින් හුස්ම ගැනිමේ ක්‍රියාකාරකම් එයාට කියා දෙන්න පුළුවන්. තරහක් ආවාට පස්සේ 10 ඉඳන් පහළට ගණන් කරන්න පුරුදු කරන්න. තරහා පාලනය කරගන්න ක්‍රියාකාරකම් කියා දෙන්න.

ඒ වගේම ගස්වැල් වැවීම , ගෙදර වැඩකට උදව් කිරීම , ක්‍රීඩාවට යොමු කරවීම වැනි දේවලට දරුවා යොමු කළ යුතුයි.

සාකච්ඡා කළේ – මහේෂානි මීගහපොල

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate