දිස්ත්‍රික්ක පහක කොවිඩ් පොකුරු

විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන

අනුරාධපුර, අම්පාර, හම්බන්තොට ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක පහ තුළ කොවිඩ්  පොකුරු වාර්තා වී ඇති බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අනාවරණය කළේය.

මේ හේතුව නිසා වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබා දීම එම දිස්ත්‍රික්ක පහෙන් ආරම්භ කළ බව ඊයේ (18) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

මෙම කොවිඩ් පොකුරු ඇති වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දානමය පිංකම්, අවමංගුල් උත්සව හා මංගල උත්සවවලදී බැවින් නිවැරදි සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිපදිමින් ඒවා සංවිධානය කරන ලෙස හෙතෙම මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

කොවිඩ් අවදානම පහව ගිය පසු  මුඛ ආවරණ පැළඳීම අත්හැරි රටවල නැවත වෛරසය හිස එසැවූ බවත් ආහාර ගැනීමේදී හැර වෙනත් කිසිදු හේතුවක් නිසා හෝ මුඛ ආවරණය ඉවත් නොකරන ලෙස ද අසේල ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ ය.

එන්නත් ලබා ගැනීම මගින් වන්නේ, සංකූලතා  හා මරණයට පත්වීම අවම වීම  පමණක් බැවින් කොවිඩ් 19 ආසාදනය වීම පාලනය වීමක් හෝ බෝවීම පාලනය වීමක් සිදු නොවන බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

 

 

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate