දුම්පානයෙන් දිනකට පුද්ගලයින් 60 ක් මිය යයි.

ආචාර්ය සමාධි රාජපක්ෂ

දුම්කොළ හා දුම්වැටි පානයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් 60 දෙනෙකු දිනකට මිය යන බවත් එක් දුම්වැටියක් පානය කිරීම මගින් ශරීරය විනාඩ් 11 ක දැවීමක් සිදු වන බවත් දුම්කොළ හා මද්‍යසාර ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා අනාවරණය කළේ ය.

දුම්වැටියක මිල ඉහළ දැමීමෙන් ආර්ථික වාසියක් පමණක් නොව දුම්බීම දුර්වල කිරීමට දරණ උත්සාහයක් ද වන බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පැවැසීය.

 

 

මෙවර අය – වැයෙන් දුම්වැටියක මිල රුපියල් 5.00 කින් ඉහළ දැමීම නිසා 2022 වසරේදී පමණක් රජයට සෘජුව රුපියල් බිලියන 08 ක බදු ආදායමක් හිමි වන බව ත් මෙම මිල වැඩි වීමෙන් දුම්කොළ හෝ දුම්වැටි සමාගම්වලට කිසිදු ලාභයක් අත් නොවන බවත් හෙතෙම සඳහන් කළේ ය.

දුම්වැටිවල මිල තීරණය කිරීම සඳහා හඳුන්වා දී ඇති මිල සූත්‍රය මගින් ඉදිරියට වසර පහක් ගත වන විට දුම්වැටියක මිල රුපියල් 100.00 ඉක්ම වන බව ත් මිල වැඩි කිරීමෙන් දුම්බීම පාලනය වන බවත් හෙතෙම සඳහන් කළේ ය.

දුම්වැටියක මිල රුපියල් 5.00 කින් ඉහළ දැමීම නිසා ඉකුත් වසරේ අලවිය සියයට 1.1 කින් පහත වැටුණු අතර එය සංඛ්‍යාත්මකව ගත හොත් දුම්වැටි බිලයන 2.2 ක් බව ද රාජපක්ෂ මහතා පැවැසීය.

එම සංඛ්‍යාවට අනුව දිනකට දුම්වැටි 3000 ක අලවිය අඩු වන අතර ඉන් අකාලයේ මිය යන පුද්ගලයින් 180 දෙනෙකුගේ ජීවිත බේරා ගත හැකි  බව ද ඒ මහතා සඳහන් කළේ ය.

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate