
එන්නත් ලබා නොගත් දෙමාපියන්ගේ දරුවන්ට කොවිඩ් 19 ආසාදනය වීමට ඇති හැකියාව වැඩි බැවින් එම දරුවන් වඩාත් ප්‍රවේසම් විය යුතු බව සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
යම් කිසි දරුවෙකුට උණ,කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම්, පාසල් නොයවන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරන බව කොළඹදී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.
එළඹෙන සඳුදා සිට සියලුම ශ්‍රේණින් සඳහා පාසල් ආරම්භ කරන බව කී ඒ මහතා, ඒ සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිත බව ද පැවැසීය.
එමෙන්ම, පාසල් දරුවෙකුට කොවිඩ් ආසාදනය වුවහොත් මුළු පාසලම වැසීමට අවශ්‍ය නොවන බවත් එම පන්ති කාමරය පමණක් වැසීම ප්‍රමාණවත් බවත් හෙතෙම අනාවරණය කළේ ය.
පාසල් දරුවන් මිලියනයකට පමණ මේ වන විට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දී තිබෙන අතර ඉලක්කගත එන්නත්කරණය තව නොබෝ දිනකින් අවසන් කිරීමට හැකි වනු ඇති බවත් අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.