දෙමාපියනි, මේ මොහොතේ පාසැල් යාමම දරුවන්ට අභියෝගයක්

සංක්‍රාන්ති සමයක් පසු කර  පාසැල් විවෘත කිරීමෙන් පසු දරුවා තුළින් දෙමාපියන් අනවශ්‍ය ලෙස ඉක්මන් අධ්‍යාපන ඉලක්ක බලාපොරොත්තු නොවිය යුතු බවත් මාස ගණනක් පාසැල් නොගිය දරුවන් පෙර පැවැති තත්ත්වයට පත් වීමට යම් කිසි කාලයක් ගත වන බවත්  කොළඹ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, සායනික මනෝ විද්‍යාඥ ලේඛා අත්තිඩිය මහත්මිය ප්‍රකාශ කළාය.

මනෝ විද්‍යාඥ ලේඛා අත්තිඩිය

එම නිසා දෙමාපියන් එතෙක් ඉවසීමෙන් දරුවන් දරුවන්ගේ මානසික මට්ටම තේරුම් ගෙන කටයුතු කළ යුතු බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.

සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිපදිමින්, මුඛ ආවරණ පැළඳ යහළු යෙහෙළියන් එකිනෙකා දුරස්ව කටයුතු කිරීම එක්තරා විදියකට දරුවන්ට අභියෝගයක් බව සඳහන් කළ මනෝ විද්‍යාඥවරිය අධ්‍යාපන ඉලක්ක වෙත යාම පමණක් නොව පාසැල් යාමම අභියෝගයක් බව පැවැසුවාය. මෙම අභියෝගයට මුහුණ දීම සදහා  දෙමාපියන් දරුවන්ට උත්තේජනයක් දිය යුතු බවත් එසේ නොවුණ හොත් ලොකු අමාරුවක වැටෙනු ඇති බව ත් ඇය සඳහන් කළාය. ඒ සඳහා දෙමාපියන් හා ගුරුවරුන් දරුවන්ට පෙරපුහුණුවක් ලබාදීම වැදගත් බවත් ඇය ප්‍රකාශ කළාය.

සෑම විටම ධනාත්මකව සිතීමට  අපි පුරුදු විය යුතු සඳහන් කළ ඇය අපිට පරාජය වූ අවස්ථාවන්ට වඩා රටක් ජාතියක් ලෙස නැගී සිටි අවස්ථා පිළිබඳව නිරන්තරයෙන් මෙනෙහි කළ යුතු බව ද කීවාය. යුද්ධයේදී, සුනාමි ව්‍යසනයේදී අපි මීට වඩා අමාරු කාලසීමාවන්ට, ව්‍යසනයන්ට මුහුණ දුන් ජාතියක් ලෙස මෙම ව්‍යසනය ද ජයගත යුතු බව නිරන්තරයෙන් සිහිපත් කිරීම වැදගත් බව ද මනෝ විද්‍යාඥ ලේඛා අත්තිඩිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate