දේශීය ආහාර සලසයි නිරෝගී සුව

අප ආහාර ගත යුත්තේ ඇයි ?

ආහාර මගින් ජීවීන්ගේ ආයුෂ රැකදේ. ශරීර බලය, ශක්තිය පවත්වාගෙන යාම, බුද්ධි වර්ධනය සඳහා නිරෝගී බව පවත්වාගෙන යාම, සමබර සිරුරක් ඇතිකිරීම, රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, සතුට, ශරීරය වර්ධනය කිරීම, පංචවිධ සම්පත්තිය ( ආයුෂ, වර්ණ,සැප,බලය හා ප්‍රඥාව) ඇති කිරීම.

ආහාර තෝරා ගැනීමේදී

තම සිරුරට ගැලපෙන, වාසය කරන ප්‍රදේශයට ගැලපෙන, සිරුරේ ආබාධ ඇත්නම් ඒවාට ගැලපෙන පරිදි දුක, සතුට ආදී මානසික තත්ත්වයන්වලට ගැලපෙන පරිදි හා වෙලාවට ගැලපෙන පරිදි මෙන්ම බඩට ගැලපෙන පරිදි ආහාරය ගත යුතුය.
එනම්, ආමාශයෙන් හරි අඩක් ආහාරයෙන් පිරෙන සේ ද, ඉතිරි අඩ ජලය සහ හිස්ව ද තැබීමට පුරුදු විය යුතුය. ආහාර සිරිතක් ලෙස ශරීර ගතවිය යුතුය.

පොෂණය යනු කුමක්ද?

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කර ගැනීමත් එය පවත්වා ගෙන යාමත් එසේම ලෙඩ රෝගවලින් වැළැක්වීමේ ශක්තිය ඇති කර ගැනීමත් ය. අපේ පැරැන්නන් සතුව ආහාර පිළියෙළ කර ගැනීමේ විශේෂ ක්‍රම දක්නට ලැබිණි. එය ඔවුහු චිරාත් කාලයක් නිරෝගී දීර්ඝායුෂ විඳීමට සමත් වූහ.

හෙළ සංස්කෘතියේ අපේ නිරෝගිබව සඳහා පවත්වාගෙන ගිය දේශීය සංස්කරණ රටාවන් හඳුනා ගෙන එය වර්තමානයේ නිරෝගීබාවය සඳහා යොදා ගතයුතුය.

නිවැරදි හා යහපත් ආහාර සිරිත් යනු මොනවාද?

■ කුසගින්න ඇතිවිට පමණක් ආහාර ගැනීම.
■ ගත් ආහාර ජීර්ණය වීමට පෙර නැවත ගැනීම.
■ සිරුරට අවශ්‍ය පමණට වඩා අඩුවෙන් හා වැඩියෙන් ආහාර ගැනීම
■ ආහාර වේලට හැකි පමණින් ධාන්‍ය,පලා, දේශීය අල වර්ග එකතු කර ගැනීම.
■ හොඳින් නොපැසුණු මෙන්ම පිළුණු ආහාර ගැනීමෙන් වැළකීම.
■ සෑම විටම නැවුම් පළතුරු ක
■ දේශීය කුළු බඩු පරිභෝජනය වැඩි කිරීම
■ රෝගාබාධයන්වලදී වෛද්‍යවරයා නියම කරන ආහාර මාත්‍රාවන් පිළිපැදීම
■ අසාත්මික ආහාරවලින් වැළකීම.
■ යහපත් ප්‍රාර්ථනාවකින් යුක්තව ආයුෂය ප්‍රාර්ථනා කර ආහාර ගැනීම.
■ පැළවෙන බීජ වර්ග ආහාරයට එක් කර ගැනීම.
මිනිස් සිරුරට හිතකර දේශීය ආහාර
■ හත්මාලුව
■ හෙළ කැඳ වර්ග – ලුණු කැඳ,බැදිහාල් කැඳ,පොරි කැඳ,කිරි කැඳ
■ බත් වර්ග – දියබත්, මුං කිරිබත්, සුණු සහල් බත්, දුන් තෙල් බත්, තණහාල් බත්, මෙනේරි බත්, ඕලු හාල් බත්
■ දේශීය පාන වර්ග – ඔසු පැන්, පළතුරු යුෂ, පොල් වතුර, තැඹිලි,කුරුම්බා වතුර
■ දේශීය කැවිලි වර්ග
■ තලප, සම්බෝල, තැම්බුම් හොදි

සෑම ආහාර වෙලකටම මැල්ලුම් වර්ගයක් එක් කර ගැනීම වඩාත් යෝග්‍යය. ඒ අනුව පළා කොළ පමණක් නොව කොස්,පොළොස්, අටු කොස්, කෙසෙල් මුව,තිබ්බටු මැල්ලුම, ළපටි ගස්ගබු මැල්ලුම, දියබෙරලිය වඩාත් පෝෂණ ගුණයෙන් යුක්තය.

මෙම ආහාර වර්ග නිරන්තරයෙන් ආහාරයට ගැනීමෙන් අපගේ නිරෝගී බව ආරක්ෂා වනු ඇත. අපේ පැරැන්නන් නිරෝගීබාවයට පත් වූයේ මෙවැනි ආහාර රටාවන්ට හුරු වීමෙනි. එහෙත් අද අපේ දරුවන් බොහෝ ලෙඩ රෝගවලට ගොදුරු වී සිටිනවා පමණක් නොව ශරීර ශක්තිය ද හීන පිරිසක් බවට පත් වී ඇත.එයට හේතුව වී ඇත්තේ පෝෂ්‍ය ගුණයෙන් යුතු ආහාරවලින් ඉවත් වී සිරුර රෝගී කරන ක්ෂණික ආහාරවලට හුරුවී සිටින බැවිනි.

තව ද ආහාර පිසීමේදී සෞඛ්‍ය ආරක්ෂිත මැටිවළං භාවිත කිරීමට පුරුදු විය යුතු ය.එසේම පොල් කටු හැඳි භාවිත කිරීම ද වඩාත් යෝග්‍යය.

(ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි)

Related post

Leave a Reply

Your email address will not be published.

Translate