නව ප්‍රභේද ඇති වීමේ අවදානමක්?

විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ

කොවිඩ් 19 වෛරසය නැවත පාලනය කළ නොහැකි තත්ත්වයකට පත් වුවහොත් දරුණු ප්‍රභේද ඇතිවීම ද වැළැක්විය නොහැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ ය

නව ප්‍රභේදවලට මුහුණ දීමට නම්, පුද්ගලයෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය තිබිය යුතු බැවින් ඇති එකම විසඳුම එන්නත් ලබා ගැනීම හා නිවැරදි සෞඛ්‍යය පුරුදු අනුගමනය කිරීම බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී සමිත ගිනිගේ මහතා සඳහන් කළේ ය.

ග්‍රාමීය ප්‍ර දේශවල කොවිඩ් 19 රෝගය ව්‍යප්ත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් ආරක්ෂාකාරීව කටයුතු නොකළ හොත් යළි භයානක තත්ත්වයකට පත්වී රට වැසීමට පවා සිදු වනු ඇතැයි ද හෙතෙම පැවැසීය.

රජයක් වශයෙන් කුමන නීති හා සීමා පැනෙව්ව ද මහජනතාවට මේ අවස්ථාවේදී විශාල වගකීමක් පැවැරෙන බව ත් තමාත් ආරක්ෂා වී අන් අය ද ආරක්ෂා කිරීමට නම්, ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන නිවැරදි සෞඛ්‍යය පුරුදු අනුගමනය කළ යුතු බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ ය.

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate