නැවත කොවිඩ් රෝගීන් වැඩි වුණේ ඇයි?

විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

සෞඛ්‍යය අංශ, නීති රෙගුලාසි නිකුත් කරමින් චක්‍රලේඛ මෙන්ම මාර්ගෝපදේශ ලබා දුන්නත් ජනතාව ඒවා පිළිනොපදින්නේ නම්, ඔවුන්ට පමණක් නොව අකුරටම ඒවා පිළිපදින අයට ද විපාක විඳීමට සිදු වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අවධාරණය කළා ය.

මේ වන විට නැවත වරක් කොවිඩ් 19 ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් පෙන්වුම් කරන බවත් බොහෝ දුරට මෙම වැඩිවීම සිදු වී ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශවල උත්සව, අවමංගල උත්සව, දානමය පිංකම්වලදී බව අද (14) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළා ය.

එම නිසා මේ පිළිබඳ සැලකිලිමත් නොවුණ හොත් නැවත පෙර වූ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බව ද විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවාය.

කොවිඩ් 19 රෝග ලක්ෂණ පහළ වූ වහාම ළඟම ඇති රෝහලකට ගොස් ඒ පිළිබඳ තහවුරු කර ගැනීම ඉතා වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය, කොවිඩ් රෝගියෙකු බව තහවුරු වුවහොත් වහාම වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු බව ද සඳහන් කළා ය.

මෙහිදී ඕනෑම ආසාදිතයෙකු ප්‍රතිකාර ගත යුත්තේ වෛද්‍ය අධීක්ෂණයෙන් යුතුව බවත් රෝහල්ගත ප්‍රතිකාර සදහා යොමු විය යුතු ද? නැද්ද? යන්න පිළිබඳව තීරණය කරන්නේ රෝගියා නොව වෛද්‍යවරයා පමණක් ම බව ද ඇය පැවැසුවාය.

නිධනගත රෝග පවතින අය, වයස්ගත පුද්ගලයින් බොහෝ දුරට රෝහල්තුළ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගත යුතු බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate