නිරෝගී දිවියකට ආයුර්වේදයේ මග

මිනිසුන්ගේ රෝගවලට ලක්වීම ලක් වීම ගැන කථා කරන විට ජීවිතය පිළිබද කළකිරීම් ඇතිවෙනවා. කුඩා දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයන්ගේ රෝගී හා ආබාධයන් ගැන අසන්න ලැබෙන කථා අනුවේදනීයයි. ඒ ගැන දෙමාපියන් හෝ භාරකරුවන්ගෙන් නැගෙන අදෝනාව සිත් දැඩි කම්පාවට ලක්කරයි. මෙම කුඩා කල සිට පෙන්නුම් කරන රෝගී තත්ත්වයන් අඛණ්ඩව වර්ධනය වීම නිසා ජීවිතය අවසන් වෙන මොහොත දක්වා ඒවායේ බලපෑම දක්නට තිබෙනවා.

වෛද්‍ය පී. හේවාගමගේ

අපිට දක්නට ලැබෙන දරුවන්ගේ උඩුතල්ල වර්ධනය නොවීම පිරිමි දරුවන්ගේ බාහිර මුත්‍රා මාර්ගයේ අවහිරවීම හෝ ජිද්‍ර වල පිහිටී වෙනස් වී කොදු ඇටපෙළ විකෘතිතා,පැතිකුදය ආදී ආබාධයන් ඇතුළුව නිතර ඇතිවන ප්‍රතිශ්‍යාව උණ ආසාදන රෝග හා මානසික දුබලතා මේ සියල්ලම රෝග නිවාරණ ක්‍රියාවලිය හා පෝෂණ ඌනතාව මුල්කරගත් කරුණු පාදක කරගෙන ඇතිවන තත්ත්වයන්.

රෝග නිවාරණයට එන්නත් දීම පමණක්ම ප්‍රමාණවත් ද?

අපි රෝග නිවාරණය හා පෝෂණය ගැන සිතන්නේ සරල විදිහට හා තම තමන්ට පහසු ආකාරයටයි. ගොඩක් අය සිතන්නේ දරුවකු ඉපදුනාට පසුව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම රෝග නිවරණය කියලා. ඒක සමාජය විසින් ගොඩනගපු මිත්‍යාවක්.එය ප්‍රමාණවත් වන්නේ රෝග කිහිපයක් වළක්වා ගන්න පමණයි. ඔය විදිහට එන්නත් දෙන්න වුණොත් වර්තමානයේ ඇතිවන රෝග කීයකට එන්නත් දෙන්න වෙයිද.දෙමව්පියන් හා වැඩිහිටියන් හැටියට අපි ගැඹුරින් සිතන්න ඕන නිරෝගී දරු පරපුරක් ඇති කරගන්න රෝගනිවාරණය කරගන්නේ කොහොමද කියලා.
දරුවකු මවගේ කුස පිළිසිද ගැනීමට හා නිරෝගී දරුවකු ලෙස වර්ධනය වීමට සෘතු, බිජ,ක්ෂේත්‍ර,අම්බු යන සාධක ප්‍රධානව බලපාන බව ආයුර්වේද ග්‍රන්ථවල සදහන් වී තිබෙනවා. මෙම සාධක ඉතා ඉහල මට්ටමක පවතින මව්පියන්ගේ දරුවන් ඉතාමත් නිරෝගී දීර්ඝායුෂ හා ජිවශක්තිය සහිතයි. මෙම බීජ යනුවෙන් අදහස් කරනුයේ මව හා පියාගේ බිජ සෛලයි. මෙම සෛල වල ගුණාත්මක බව සජීවී බව ජීවී ශක්තිය හා නිරෝගී ජාන ආදිය මත දරුවාගේ නිරෝගී බව පදනම් වෙනවා.

දෙමවුපිය බිජවල සම්බන්ධතාව පරම්පරා ගත සිදුවීමක්. විවාහයේදී පරම්පරා පිළිබද නිවැරදි හදුනාගැනීමක් නොවුනහොත් උත්පත්ති ගත රෝගාබාධ වලට මුහුණ දීමට සිදුවෙනවා. මෙය වර්තමානයේ තැලිසීමියා හා සමහර හදවත් රෝග වැනි කිහිපයක් ගැන අවධානය යොමුකර තිබුණ ද ඊට එහා ගිය කොපමණ රෝගාබාධ ප්‍රමාණයක් අසන්නට හා දකිනට තිබේද? විශේෂයෙන්ම මවකගේ සෘතු කාලය නොහොත් සෘතු සමය යනුවෙන් අදහස් වන්නේ නියමිත වයස විධිමත් මාසික චක්‍රය නියමිත ප්‍රමාණය හා පවිත්‍ර රක්තය (දෝෂ දුෂ්‍ය නොවූ ) ආදිය ද ගර්භය හෙවත් කළලය පිහිටුවන ගර්භාෂය ක්ෂේත්‍රය ලෙස සලකන අතර එය නිරෝගී හා පෝෂණයෙන් අනූන වුවහොත් නිරෝගී දරු සම්පතක් ලබා ගැනීමට පාදක වනු ඇත. එසේම අම්බු යනුවෙන් අදහස් කරනුයේ ජලීය ද්‍රාවනය වන අතර එය කලලයේ සජීවි බව ආරක්ෂා කිරීමට උපකාරී වේ. මෙම සාධක සලකා බැලීමේදී නිරෝගී පිතෘ බිජ සමග එක්වන මාතෘ බිජ මගින් ඇතිවන කළලය නිරෝගී දීර්ඝායුෂ හෙබි පුද්ගලයකු වනු නො අනුමානය. මෙම තත්වය සමාජය පුරා කතා බහට ලක්වන්නේ උපතින් ගෙනා ආයුෂ ලෙසයි.

මේ නිසා කායික මානසික නිරෝගී බව බුද්ධිය ප්‍රතිශක්තිය හා දීර්ඝායුෂ ඇතිවේ. අසම්පුර්ණ මුලික බීජ එක්වී ගොඩනැගෙන කළලය රෝගී බව හා දුර්වල ප්‍රතිශක්තිය ආයුෂ පවා කෙටි කරයි.

රෝග නිවාරණය

මෙම සාකච්ඡාව තුළ අවධාරණය කරනුයේ වර්තමානයේ රෝග නිවාරණය සදහා අප විසින් භාවිත කරන උපාය මාර්ග ඉතා සරල හා තිරසාර නොවන බවයි. පුද්ගලයකුගේ රෝග නිවාරණය සදහා හොදම අවස්ථාව ඔහු මවුකුස තුළ සිටින අවධිය හා වයස අවුරුදු 10 ට අඩු කාලයයි. මෙම අවධීන් දෙකේදීම පළමුවෙන් ගර්භාෂය තුළ තරලයේ පාවෙන අවස්ථාවේ සිට ඇතිවන කායික හා මානසික ක්‍රියාකාරකම් හා පෝෂණය ද මව හා දරුවා අතර බැදීමක් ඇතිකරයි. මවු කුස තුළ සිටින කාලයේ යම් ආකාරයකට ඇතිවන පීඩනයන් තෙරපීම් පෝෂණ ඌනතා සියල්ලම විවිධ රෝගාබාධයන්ට බලපානු ඇත. දෙවන අවධිය සැලකු විට නිවැරදි පෝෂණයත් ලබා දීම හා ස්වාභාවික ප්‍රතිශක්තිය ගොඩ නැගීමට ඉඩදිය යුතු කාලයයි. එහෙත් අද සමාජය තුළ එසේ සිදු වනවාද යන්න සිතා බැලිය යුතුයි. ඉපදුනු දින සිට දෙන ඖෂධ ප්‍රමාණය හා කෘත්‍රීම ආහාරපාන ගැන සැලකු විට පුද්ගලයා නිරෝගි ද යන්න ප්‍රශ්නයක් රෝග නිවාරණයට ඉඩක් ලැබේද? මේ ගැන අප මනසින් විමසා බැලිය යුතුය. මේ ආකාරයට අප කරුණු විග්‍රහයේදී විවාහයට පෙර මාපිය සෞඛ්‍ය දරුවා පිළිසිද ගැනීමෙන් අනතුරුව එනම් ගර්භනී කාලය හා ළමා අවධිය ස්වාභාවික රෝගනිවාරණ උපාය මාර්ග උපරිමයෙන් භාවිත කල යුතුයි. එසේ නොකලොත් කායික මානසික දුර්වලතාවන් හා රෝගී තත්වයන්ට භාජනය වූ පරපුරක් හිමිවනු ඇත. මැදිවියට පත්වීමෙන් පසුව ආහාර හා විහරණ වෙනස් කර රෝග නිවාරණයට ප්‍රවේශ වීම අශ්වයා පැනීමෙන් පසු ඉස්තාලය වසා දැමීම වැනි වේ.

සංවාදයට විවෘතයි.

Related post

Leave a Reply

Your email address will not be published.

Translate