නිවැරදිව පල්ස් ඔක්සිමීටරය (Pulse Oxymeter) භාවිත කරමු

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ඔක්සිමීටරය පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. මෙම වසංගත තත්ත්වය ඇති වීමට පෙර ඔක්සිමීටරය කාගේත් ඇස ගැටුණේ රෝහල්වලදීය.එසේත් නැතිනම් වෛද්‍ය මධ්‍යස්ථානයකදී ය. නමුත් මේ වන විට උණ කටුව මෙන්ම ඔක්සි මීටරය ද සෑම නිවසකටම අත්‍යාවශ්‍ය උපකරණයක් වී ඇති නිසාය.

ඒ නිසා පල්ස් ඔක්සිමීටරය ( Pulse Oxymeter) යනු කුමක්ද? ඉන් සිදුවන කාර්යය පිළිබදව විමසා බැලීමට අපි කොලඹ ජාතික රෝහලේ හෙද පුහුණු නිළධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය සමග සාකච්ඡා කළෙමු.

පල්ස් ඔක්සිමීටර් යනු  සිරුරේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම සඳහා වන ආක්‍රමණශීලී නොවන සහ වේදනාවක් ගෙන නොදෙන පරීක්ෂණයකි.

එය හදවතේ සිට පාදාන්තය දක්වා ගලා යන රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය වේගයෙන් හඳුනාගත හැකි උපකරණයකි.

භාවිතා කරන ආකාරය

පියවර 1: නිය ආලේපන ඉවත් කර සීතල නම්  අත උණුසුම් කරන්න.

පියවර 2:  මිනුම ගැනීමට පෙර අවම වශයෙන් විනාඩි 5 ක්වත් විවේක ගන්න.

පියවර 3: තම පපුව මත අත තබා හෘද මට්ටම නිශ්චලව තබා ගන්න

පියවර 4: පල්ස් ඔක්සිමීටරය ක්‍රියාත්මක කර ඔබේ මැද හෝ දබර ඇඟිල්ල මත තබන්න.

පියවර 5: කියවීම ස්ථාවර වීමට කාලයක් ගත වේ, කියවීම ස්ථාවර නොවේ නම් අවම වශයෙන් මිනිත්තුවක් හෝ ඊට වැඩි කාලයක් ඔක්සිමීටරය තබා ගන්න.

පියවර 6: තත්පර 5 ක් වෙනස් නොවූ පසු ඉහළම ප්‍රතිඵලය වාර්තා කරන්න.

පියවර 7: සෑම කියවීමක්ම හොඳින් හඳුනා ගන්න.

(එය අවම මට්ටමක්නම් පවුලේ වෙනත් අයෙකුගේද පරීක්ෂා කර බලා තහවුරු කර ගන්න.)

පියවර 8: මූලික අවස්ථාවේ සිට පරීක්ෂා කිරීම ආරම්භ කර දිනකට තුන් වරක් හෝ පරීක්ෂා කරන්න. ඔබේ සෞඛ්‍යයේ වෙනසක් දැනෙනවා නම් අමතර පියවර ගන්න.

ප්‍රතිශකය 95% ට වඩා අඩුනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

හුස්ම…

ජීවිතය ජීවිත් කරවන්නේ හුස්මය.මේ හුස්ම අපි ලබා ගන්නේ නාසයෙන්. සමහරවිට මුඛයෙන්. අප බාහිරෙන් ගන්නා හුස්ම ,හුස්ම ගන්නා මාර්ගයෙන් පෙනහලු කරා ගොස් ඉතා කුඩා කොටස් වන ගර්ථ දක්වා ගොස් ඒ අදාළ රුධිර වාහිනියේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ අප හුස්ම මගින් ලබා ගත් ඔක්සිජන් හුවමාරු වෙනවා.

නමුත් ශ්වසන රෝග හමුවේදී පෙනහලු වලට ඇති වන බලපෑම නිසා ඔක්සිජන් හුවමාරුවට එය බාධාවක් වෙනවා. කොව්ඩ් රෝග බලපෑමත් සිදුවන්නේ පෙනහලු වලට නිසා ඔක්සිජන් හුවමාරුවට එය ඝෘජුව බලපෑමක් ඇති වෙනවා. එවිට ශරිරය තුළ ඔක්සිජන් ප්‍රතිශතය අවම වීම හෝ නොමැති වීමේ ලක්ෂණ මතු වෙනවා.

රුධිරයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීම හදුනා ගන්නා ලක්ෂණ කිහිපයක් තියෙනවා.නමුත් මේ ලක්ෂණ වෙනත් රෝග අවධානමකදීත් දකින්නට පුලුවන්.

රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වූ විටදී,

  1. කෙටි කාලයක් තුළදී වැඩි වාර ගණනක් හුස්ම ගැනීම (ඉක්මනින් හුස්ම ගැනීම) – Shortness of Breath
  2. ශරීරයේ ශක්තිය අවම වීම Lack of Energy- තමා හොදින් ආහාර පාන ගෙන තිබුණත් ඇගට පණ නැති කම
  3. නිතර ඈනුම් යාම – මෙයට වෙනත් කරුණූ ද බලපෑ හැකියි
  4. රුධිර පීඩනය වැඩිවීම – ශරීරයේ විවිධ කොටස් වලට ඔක්සිජන් අඩු වන විට හදවත ඉක්මනින් රුධිරය පොම්ප කර එම ස්ථානය කරා යැවීමෙන් මෙම තත්වය උදාවිය හැකිය.
  5. කරකැවිල්ල, කලන්තය –
  6. මානසික ව්‍යාකූල තත්ත්වය.

රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වන විට දැකිය හැකියි.

මෙවැනි අවස්ථාවකදී වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩු වීමෙන් හානිදායක තත්ත්වයකට පත් විය හැකිය.

Related post

Leave a Reply

Your email address will not be published.

Translate