ප්‍රථමාධාර

ප්‍රථමාධාර කියන්නේ මොකක්ද? අනතුරක් හෝ අසනීප තත්ත්වයක් වුවහොත් එම පුද්ගලයාට තමා ලබා ඇති න්‍යායික සහ  ප්‍රායෝගික දැනුම උපයෝගී කරගෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පෙර ලබා දෙන ආධාරයයි.

අරමුණ –

ජීවිතය බේරා ගැනීම.සුවය ලැබීමට ආධාර දීම, තත්ත්වය අසාධ්යකවීමට වළක්වාලීම.
යමෙකුගේ ආපදා අවස්ථාවකදී ඔබ ප්‍රථමාධාරකරුවෙකු වන්නේ නම්, එකවර ක්‍රියාත්මක නොවිය යුතුය.

පුෂ්පා රම්‍යානි ද සොයිසා

අනතුරුදායක ස්ථානයක් නම් එය සුරක්ෂිත ස්ථානයක් බවට පත් කර ගත යුතුය.මෙහිදී රෝගියාගේ ජීවිතය, තමාගේ ජීවිතය හා අවට සිටින අයගේ ජීවිත සුරක්ෂිත විය යුතුය.

එසේම හැඟීම් පාලනය කර ගත යුතුය. සාමාන්‍ය බුද්ධිය භාවිත කළ යුතුය.

නාසයෙන් රුධිරය ගැලීම.

හිස මදක් පහළට හරවා ඇඟිලිවලින් නාසය තද කර හොඳින් කටින් හුස්ම ගන්න. එලෙස විනාඩි 10 ක් පමණ සිටින්න. ඉන්පසු ඇඟිලි නිදහස් කර බලන්න. එවිට රුධිරය ගලන්නේ නැත්නම්, රෝගියා අපහසුතාවෙන් මිදී ඇත.නමුත් නැවත නැවත රුධිරය ගලන්නේ නම්, නාසය තද කර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

විවිධාකාර හේතු නිසා නාසයෙන් රුධිරය ගැලීමක් සිදුවිය හැකිය. එහිදී බියපත් නොවන්න. රෝගියා සන්සුන් කරවන්න. පසුව ඔබ ලබා දෙන ප්‍රථමාධාරය පිළිබඳව රෝගියා දැනුවත් කරන්න.ඒ සඳහා රෝගියාගේ සහ ලබා ගන්න.

නොදිය යුතු ප්‍රථමාධාර

හිස ඉහළට ඔසවා ගෙන ඇඟිලි දෙකෙන් නාසය තද නොකරන්න. ඒ මගින් නාසයේ රුධිරය උගුර කරා පැමිණ, උගුර අවහිරවන්නට හැකියාව පවතී.

කලන්තය

කලන්තයක් ඇති වූ විට රෝගියා බලහත්කාරයෙන් වාඩිකරවන්න එපා. රෝගියා අනාරක්ෂිත ස්ථානයක සිටී නම්, ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යන්න. ඉන්පසු රෝගියා හුස්ම ගන්නේද ? නාඩි වැටෙන්නේදැයි පරික්ෂා කරන්න. ඒවා හොඳින් ක්රිනයා කරන්නේ නම්, ඔහුගේ පාදය අඟල් 12 ක් ඉහළට ඔසවා තබන්න. එහිදී මොළයට රුධිරය සැපයීම වැඩි කර රෝගියා ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වනු ඇත. රෝගියාට සිහිය පැමිණිය ද ක්ෂණිකව වාඩි කරවීමට උත්සාහ නොකරන්න. ඔහු සුවපත් වන තෙක් විවේකීව තබන්න.

උලුක්කුවකදී

උලුක්කුවක් ති වූ විට මුලින්ම ඉටි බෑගයක් ගන්න. එයට අයිස් කැට හෝ අයිස් වතුර දමන්න. උලුක්කුව වූ ස්ථානය විනාඩි 20 ක් පමණ එය තවන්න. කිසිම විටෙක අයිස් නිකම් සම මත නොතබන්න. වේදනාව සහ ඉදිමුව අඩු කිරීමට මෙම ප්රිතිකාරය ඉතාමත් වැදගත් වෙයි.

පිළිස්සීමකදී

පිළිස්සීමකදී කළ යුතු හොඳම ප්රිථමාධාරය වන්නේ, පිළිස්සුණු ස්ථානය විනාඩි විස්සක් පමණ ජලයෙන් සේදීමයි. එසේ නොවුණ හොත් ශරීරයේ පවතින උෂ්ණත්වය සම මතට ගිලා බැසීමයි. එහිදී පවතින පිළිස්සීම පැතිරී යාමට පුළුවන.
පිළිස්සුණු ස්ථානයට ජලය දැමීමෙන් පිළිස්සීම මනාව පාලනය කළ හැකිය.

 

සටහන – කිත්නදී

Related post

Leave a Reply

Your email address will not be published.

Translate