
පාසල්වල සිසුන්ගේ පැමිණීමේ අඩුවක් පෙන්වුම් කළ ද නැවත පාසල් වැසීමේ තීරණයක් නැතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එම්.එල්.ඩී.ධර්මරත්න මහතා ප්‍රකාශ කළේ ය.
වසර දෙකක් පමණ පාසල් අධ්‍යාපනය අහිමි වීමෙන් දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව සමාජ කුසලතා ද අහිමි වූ බැවින් පාසල් පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක් බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය.
පාසල් විවෘත කිරීමෙන් පසු පාසල් දරුවන් කිහිපදෙනෙකුට කොවිඩ් 19 අසාදනය වූ බවට වාර්තා ලැබී තිබෙන බවත් එහිදී ආසාදිතයින් හමුවූ පන්ති පමණක් වැසීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේ ය. කුඩා දරුවන්ගෙන් තවත් දරුවෙකුට වෛරසය බෝවීමේ ප්රවනතාව ඉතා අඩු බැවින් සම්පූර්ණ පාසලම වැසීමේ අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍යය උපදෙස් ලැබී තිබෙන බව ධර්මරත්න මහතා පැවැසීය.
මේ වන විට පාසල් ආරම්භ කර ඇත්තේ 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ළමුන් සහ අ.පො.ස (උසස් පෙළ) හා අ.පො.ස (සාමාන්‍ය පෙළ) දරුවන්ට පමණක් බවත් දිනකට සහභාගි කර ගත හැක්කේ එක පන්ති කාමරයක සිසුන් 20 දෙනෙකු පමණක් බව ත් අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය.ගුරුවරුන් පැමිණෙන්නේ ද එම ශ්‍රේණිවලට අදාළව පමණක් බවත් හෙතෙම පැවැසීය.
මේ වන විට පාසල් ක්‍රියාත්මක වන්නේ, සෞඛ්‍යය අමාත්‍යංශය නිකුත් කළ චක්‍රෙල්ඛ අනුව බව සඳහන් කළ ඒ මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් ඉදිරියේදී නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව ද කීය.