පාසැල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය තත්ත්වය ගොඩනගා ගැනීම සඳහා පාසැල් ආරම්භ කිරීමට පෙර දෙමාපියන් සහ ගුරුවරුන් පෙරහුරුවක් කර බලන ලෙස නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටියි.

පාසැල් නැවත ආරම්භ කර පවත්වා ගෙන යාම සඳහා වන මාර්ගෝපදේශ මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයට ලබා දී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව සඳහන් කළේ අමාත්‍යංශයේදී අද (13) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විශේෂයෙන් පොදු ප්‍රවාහන මාධ්‍ය හෝ පාසැල් ප්‍රවාහන සේවා භාවිත කරන්නේ නම්, ඒ තුළින් වෛරසය නැවතත් පැතිර යාමට තිබෙන ඉඩ ප්‍රස්ථාව අවම කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ඒ ඒ අය විසින් ප්‍රාෙයා්ගිකව සකස් කර ගත යුතු බව ඒ මහතා අවධාරණය කරයි.
පාසැල් කැන්ටින්, ක්‍රීඩාංගන වැනි ස්ථානවල දරුවන් හැසිරෙන අවස්ථාවලදී දුරස්ථබාවය ආරක්ෂා වන ලෙස කටයුතු කිරීම වැදගත් බවත් මුඛ ආවරණ ළඟ තබා ගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරය පිළිබදව දරුවන් පුරුදු පුහුණු කළ යුතු බවත් හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.
නැවත භාවිත කළ හැකි මුඛ ආවරණ භාවිතය උනන්දු කරවන බව ත් ඉහත කාරණාවන්ට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍යය අමාත්‍යංශය ලබා දී තිබෙන බවත් නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.