පාසැල් සිසුන් එන්නත්කරණය 15 දා කොළඹින් ඇරඹෙයි.

කොළඹ දිස්ක්‍රික්කයේ සියලුම කලාපවල වයස අවුරුදු 18 – 19 කාණ්ඩයේ  සිසුන්ට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම එළැඹෙන සිකුරාදා  (15) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්. එම්.ඩී. ධර්මරත්න මහතා සඳහන් කළේ ය.

එල්. එම්.ඩී. ධර්මරත්න

පාසැල් දරුවන්ට ෆයිසර් එන්නත ලබා දෙන අතර එය කොලඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, ශ්‍රී ජයවර්ධනපුර හා පිළියන්දල කලාප කාර්යාල සහ පාසැල්වලදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවකදී අතිරේක ලේකම්වරයා පැවැසීය.

අ.පො.ස උසස් පෙළ විභාගයට එක් වරක් පෙනී සිටි හා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් මෙම වයස් කාණ්ඩයට අයත් වන බවත් ලබන 21 දා පාසැල් ආරම්භ කිරීමෙන් පසු අනෙකුත් දිස්ත්‍රික්කවල එම  වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් කිරීම ආරම්භ කරන බවත් ධර්මරත්න මහතා සඳහන් කළේ ය.

 

සිසුන් එන්නත් ලබා ගැනීමට පැමිණීමේදී සිය හැඳුනුම්පත රැගෙන පැමිණීම අනිවාර්ය බව පැවැසූ ඒ මහතා තමාට එන්නත ලබා ගත හැකි ස්ථානය අදාළ විදුහල්පතිවරයාගෙන් විමසා දැන ගත හැකි බව ද පැවැසීය.

පාසැල් සිසුන්ට එන්නත් ලබා දීමේ වැඩසටහනේදී අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසැල් කිහිපයක් එක් එන්නත්කරණ මධ්‍යස්ථානයකදීත්   සිසුන් වැඩි සංඛ්‍යාවක් සිටින පාසැල්වල අදාළ පාසලේ සිසුන්ට පමණක් වන ලෙස එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවන බව අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

මෙම එන්නත්කරණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් තොරතුරු, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ සෞඛ්‍යය අමාත්‍යංශයේ වෙබ් අඩවිවල ඉදිරියේදී පළ කරන බව ද අතිරේක ලේකම් එල්. එම්.ඩී. ධර්මරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate