පියයුරු පිළිකා අවදානමෙන් මිදීමට නම්,

Girls Sunset Sun Light Silhouette Sunlight Young

ගෙවෙන හැම පැයකට වරක් මෙරටින් පිළිකා රෝගීන් සිව්දෙනෙකු හමුවන අතර සෑම පැයකට වරක් පිළිකා රෝගයෙන් දෙදෙනෙකු මිය යන බවත් පිළිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළාය.

             විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ

පිළිකා මර්දන ඒකකයේ 2019 වසරේ දත්තවලට අනුව පිළිකා රෝගීන් 31 800 ක් වාර්තා වී ඇති අතර එය සෑම පැයකට වරක් රෝගීන් දෙදෙනෙකු ලෙස සඳහන්  ජානකී විදානපතිරණ මහත්මිය පැවැසුවාය.

එමෙන්ම සෑම පැයකට වරක්ම පිළිකා රෝගීන් දෙදෙනෙකු මිය යන අතර එම වර්ෂයේදී පියයුරු පිළිකා රෝගීන් 4500 ක් හඳුනා ගැනීමට හැකි වූ බව ද ඇය සඳහන් කළාය. තවද සෑම පැයකට වරක්ම පියයුරු පිළිකා රෝගීන් දෙදෙනෙකු වාර්තා වන බව ද ඇය පැවැසුවාය.

 

ඔක්තෝබර් මාසයට යෙදී ඇති පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (01) පැවැති මාධ්‍ය හමුවකදී ඇ මේ බව ප්‍රකාශ කළාය.

මෙවර පියයුරු පිළිකා මාසයේ තේමාව වන්නේ “පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම තුළින් ජීවිතය සුරකිමු ”යන්නයි.මෙම පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය ඔක්තෝබර් 01 දා සිට 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වේ.

පියයුරු පිළිකා රෝගය ගැහැණු – පිරිමි භේදයකින් තොරව වැළඳෙන අතර කාන්තාවන්ට සියයට සියයක අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

මද්‍යසාර භාවිතය, දුම්කොළ, දුම් පානය, ශරීරයේ ස්ථූලභාවය , ශරීර ස්කන්ධ දර්ශකය වැඩි වීම, සෞඛ්‍ය සම්පන්න නොවූ ආහාර රටා මේ සඳහා බලපාන අවදානම් සාධක බව ද ඇය අවධාරණය කළාය. එමෙන්ම ජානමය සම්බන්ධතා නිසා ද පිළිකා වැළඳීමට බලපාන බව ද ඇය පැවැසුවාය.

එම නිසා වයස අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම සිය මාසික ඔසප් චක්‍රයෙන් සතියකට පසු ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගත යුතු බව ත් කලින් හඳුනා ගැනීම මගින් අවදානම අවම කර ගැනීමට හැකි බවත්  ප්‍රකාශ කළාය.

ඒ සඳහා උඩු කය නිරාවරණය කර තම පියයුරෙහි ස්පර්ශය තුළින් ගැටිත්තක්, පැහැයේ වෙනසක්, ස්‍රාවය පිටවීමක් හෝ යම් කිසි වෙනස්කමක් වේ නම් ළඟම ඇති පියයුරු සායනයකට ගොස් පරීක්ෂා කර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරිය ඉල්ලීමක් කළාය.

ඒ සඳහා දිවයින පුරා පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයකට හෝ ළඟම ඇති මහරෝහලට ගොස් ඒ පිළිබඳ පරීක්ෂා කළ හැකි බව ද විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

 

 

Editor Health and Life

Related post

2 Comments

  • Great information

    • thank u

Leave a Reply

Your email address will not be published.

Translate