කොවිඩ් 19 පාලනය කිරීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල මහජන රැස්වීම්,පුද්ගල ඒකරාශී වීම් හා උත්සව ඊයේ (15) මධ්‍යම රාත්‍රී 12.00 සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍යය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නව සෞඛ්‍යය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබීය.
මේ අනුව ප්‍රසිද්ධ රැස්වීම්, ප්‍රසිද්ධ ස්ථානවල පුද්ගල ඒකරාශී වීම් තාවකාලිකව නතර කර ඇත.
විරෝධතා, උද්ඝෝෂණ කිරීමට ජනතාව අයිතියක් තිබුණ ද මෙවැනි වසංගත අවස්ථාවකදී එය උචිත නොවන බව සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ග=ණවර්ධන මහතා ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ය.
ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා එම පන්ති පවත්වන ස්ථානයේ ධාරිතාවයෙන් 50%ක් සහිතව අවසර ලබාදී තිබේ.
එසේම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමට ද අවසර හිමිවේ.
නිසි බලධාරියෙකුගෙන් අවසර ලබාගෙන නොමැති නම් දිවයින පුරා මහජන සහභාගීත්වයෙන් රැස්වීම් පැවැත්වීමට අවසර හිමි නොවේ.
සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ සෞඛ්‍යය මාර්ගෝපදේශ පහතින් දැක්වේ.