
මානසික රෝග සඳහා ලබා දෙන ෆ්ලුවොක්සිටයින් (Fluoxetine) ඖෂධය කොවිඩ් 19 වෛරසයෙන් සිදුවන මරණ අවදානම සහ දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ අවශ්‍යතාව අවම කිරීමට භාවිත කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.
ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් මගින් මේ බව අනාවරණය කර තිබේ.
‘ද ලැන්සෙට් ’සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇති අධ්‍යයනයක් උපුටා දක්වමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මෙම තොරතුර අනාවරණය කර ඇත.
බ්‍රසීලයේ කොවිඩ් 19 වැළඳුණු, දරුණු රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් සහිත පුද්ගලයින් 1497 දෙනෙකු යොදා ගනිමින් මෙම අධ්‍යයනය කර ඇත. ෆ්ලුවොක්සිටයින් (Fluoxetine) ඖෂධය මගින් කොවිඩ් 19 මරණ අනුපාතය සියයට 90 කින් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ අවශ්‍යතාව සියයට 65 කින් පහත වැටී ඇති බව එම අධ්‍යයනයේදී හෙළි වී තිබේ.
ෆ්ලුවොක්සිටයින් (Fluoxetine) ඖෂධය මානසික අවපීඩනය සහ තවත් උමතු තත්ත්වයන් සඳහා ලබා දෙන මිල අඩු බහුලව ලබා ගත හැකි ඖෂධයකි.