පාසල් වසා දැමීමත් සමග එදිනෙදා සාමන්‍ය කටයුතු වෙනස් වී හුදෙකලාවට ලක් වී සිටින තම දරුවන් පිළිබදව දෙමාපියන් වැඩි අවධානයෙන් සිටිය යුතු බව අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ සංජීවන අමරසිංහ මහතා සදහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පීඩාවට පත්වී සිටින අය අතර දරුවන් ප්රමුඛ ස්ථානයක් ගන්නා අතර ඔවුන්ගේ මානසික මට්ටම පිලිබදව දෙමාපියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා කීය.
තම හුදෙකලා වීමත් සමග දුරකතන ක්‍රීඩාවල නිරත වීම, ජංගම දුරකතන පරිශීලනය වැඩි වීම වැනි තත්ත්වයන් දෙමාපියන් මැනවින් කළමණාකරණය කළ යුතු බවත් හෙතෙම සදහන් කළේ ය.
එමෙන්ම කොවිඩ් ආසාධිත රොගීන් ද තම මානසික මට්ටම යහපත් ලෙස පවත්වා ගත යුතු බවත් තමා රෝගියෙකු යැයි සිතා කාමරයක හුදෙකලා වී සිටීම අවශ්‍ය නොවන අතර සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අන් අය සමග කාලය ගත කළ හැකි බව ද හෙතෙම කීය. එසේ නොවුණහොත් මානසික මට්ටම දුර්වල වී විෂාධි තත්ත්වයට පත් විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීවන අමරසිංහ මහතා මෙසේ ද කීය.
˝තමාට රෝගය අසාධනය වුණාම අන් අයට එය බෝවෙයි ද කියලා බයයි.තමාගේ ජීවිතයට හෝ තම ආදරණීයන්ගේ ජීවිතවලට හානියක් විය හැකියි කියලා බයයි.ඒ වගේම තමන්ගේ කෙනෙක් මරණයට පත් වුණොත් වෙනදා වගේ නෙවෙයි.සමහර අවස්ථාවලදි මළසිරුර බලන්න බැරි අවස්ථා තිබෙනවා.මළ සිරුර බැලුවත් සාමන්‍ය විදිහට අවසන් කටයුතු කරන්න ලැබෙන්නේ නෑ.දුක බෙදා ගන්න නෑදෑ හිතමිතුරන්ට එන්න විදිහක් නෑ. මානසික මට්ටම දුර්වල අයට මේ තත්ත්වය දරා ගන්න අමාරුයි.එය වර්ධනය වුව හොත් විෂාධි තත්ත්වයට පත් වෙන්න පුළුවන්.
මරණයක් වූ අවස්ථාවකදි සමහරු ඒ ගැන පවුලේ අය සමග කතා කරන්නේ නෑ. එයින් ඔවුන් වේදනාවට පත් වන නිසා. නමුත් ඔවුන් සමග ඒ ගැන කතා කළ යුතුයි. ඔවුන්ගේ දුක තුනී වන තෙක් අඩන්නට දිය යුතුයි.එයින් ඔවුන්ගේ හිත සැහැල්ලු වෙනවා.˝ යැයි සංජීවන අමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
මෙවැනි අවස්ථාවකදී අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 1926 දුරකතන අංකය ඇමැතීමෙන් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකිය.