
දින 20 කට පසුව මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පෙරේදා (05) දිනයේ 600 ඉක්මවා ගිය අතර ඊයේ (06) දිනයේත් නව ආසාදිතයින් 617 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙරටින් හඳුනා ගන්නා කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් යළි සීමා පැනවීමට සිදු වන බව සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළේ ය.
උත්සව, සාද, මංගල අවස්ථාවලදී රෝගය පැතිරීමට ඉඩ ලැබෙන සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙන බැවින් ජනතාව වගකීමකින් තොරව හැසිරෙන්නේ නම්, අකමැත්තෙන් වුව ද යළි සීමාවන් පැනවීමට සිදු වන බව සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා පැවැසීය.
කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකාවේ මර්ක් ආයතනය මගින් නිෂ්පාදනය කළ ප්‍රතිවෛරස ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවේ අනුමැතිය සඳහා යොමු කර තිබෙන බවත් එහි නිර්දේශ ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ත් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
මෙම ප්‍රතිවෛරස ඖෂධය සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනුමැතිය හිමි වී නැතත් එක්සත් රාජධානිය එම ඖෂධය භාවිත කිරීම සඳහා අනුමැතිය දී ඇත.