සති අන්ත දීර්ග නිවාඩුවේදී විනෝද ගමන් හා සංචරණය අවම කරන්න

ඇස්තමේන්තු ජනගහනයෙන් සියයට සියයක් එන්නත් කර තිබුණ ද යම් ආකාරයකින් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් විවිධ ප්‍රභේද ඇති විය හැකි බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන

එබැවින් සති අන්තයේ දීර්ග නිවාඩුවේදී විනෝද ගමන් හා සංචරණය අවම කරන ලෙස තමා මහජනතාවගෙන් ඉලලීමක් කරන බව ඊයේ (15) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවැසීය.

මේ වන විටත් ඩෙල්ටා  ප්‍රභේදයේ  රෝගීන් 700 ක් පමණ හමුවන බැවින් එය සුළුවෙන් තැකිය නොහැකි බව ත් නැවතත් මේ ආකාරයෙන් විනෝද ගමන් හා සංචාර කර ගෙන ගියහොත් පෙර සිදු වූ අවුරුදු ඒකරාශී වීම් නිසා ඇති වූ තත්ත්වයන් ඇති විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.

 

එසේ වුවහොත් තත්ත්වය  මීට වඩා වෙනස් විය හැකි බව ද සෞඛ්‍යය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙසේ ද පැවැසීය.

“පාසැල් ආරම්භ කිරීම සඳහා මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතිනවා. දරුවන් එන්නත් කිරීමත් ආරම්භ කර තිබෙනවා.ඒ නිසා විනෝද ගමන් , සංචාරක ඒකරාශීවීම්වලින් බැහැරව කටයුුතු කිරීම දෙමාපියන්ගේ  වගකීමක් වෙනවා. තවමත් අන්තර් පළාත් අතර ප්‍රවාහන පහසුකම් සපයා නෑ, ඒ පිළිබදව එළැඹෙන 21 දායින් පසු දැනුම් දෙනවා.

අනවශ්‍ය ගමන් බිමන් හා ඒකරාශී වීම් නිසා යම් ආකාරයකින් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැනට තිබෙන තත්ත්වය ආරක්ෂා කිරීමයි වැදගත්. ඒ නිසා රෝගීන් සංඛ්‍යාව වැඩි වීමට ඉඩ නොදී අප කටයුතු කළ යුතුයි.”

 

Editor Health and Life

Related post

1 Comment

  • Should follow these rules and regulations..

Leave a Reply to Nalin S Rodrigo. Cancel reply

Your email address will not be published.

Translate