කොවිඩ් 19 වසංගතයත් සමග ජපානයේ පාසැල් අධ්‍යාපනය

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට පාසල් දරුවන්ට දුෂ්කරතා රාශියකට මුහුණ දීමට සිදු වුණි. පළමු වෙනි කොවිඩ් 19 රැල්ලේදී වසා දැමුණු පාසල් නැවත විවෘත කිරීමට මාස ගණනක් ගත විණි. දෙවෙනි රැල්ලේදී සෞඛ්‍ය නිර්දේශ මත පාසැල් විවෘත කෙරුණ ද ඇතැම් පාසැල්වල සිසුවෙකුට හෝ දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීම නිසා පාසලෙන් පාසල වසා දැමීමට සිදුවිය. තත්ත්වය දිනෙන් දින වර්ධනය වන විට දිවයිනේ සියලුම පාසැල් වසා දැමීමට රජයට සිදුවිය.

පසුගිය සිංහල – හින්දු අලුත් අවුරුද්දෙන් පසුව මෙරට තුන්වෙනි කොවිඩ් රැල්ලට ද හසු විණි. ඒ අවස්ථාවේදී වසා දැමුණු පාසැල් මෙතෙක් විවෘත කිරීමට නොහැකි වී ඇත. නමුත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසැල් විවෘත කිරීමට සූදානම් බව ය. මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය තරමක් දුරට පාලනය වී ඇති නිසා ඉතාමත් ඉක්මනින් පාසැල් විවෘත කරනු ඇත.

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයකි. ඒ නිසා ලෝකයේ රටවල් මේ තත්ත්වයට මුහුණ දුන් ආකාරය විවිධය. සමහර රටවල් අනුගමනය කළ මාර්ගෝපදේශයන් සාර්ථක වූ අතර සමහර රටවල් අනුගමනය කළ ක්‍රියාපටිපාටයේ හිස්තැන් තිබුණි.

ලෝකයේ විවිධ රටවල් මෙම අභියෝගය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කළ ආකාරය පිළිබඳ ලිපි පෙළක් අද සිට මෙම වෙබ් අඩවියේ පළ කිරීමට අපි තීරණය කළෙමු.

කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ ජපානයේ පාසැල් විවෘත කර අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යන ආකාරය පිළිබඳ සැකසුණු ලිපියකින් එම ලිපි මාලාව අද සිට ආරම්භ වේ.

මෙම වසරේ ගිම්හාන පාසැල් නිවාඩුවෙන් පසු ජපානයේ දෙමව්පියන් තම ළමයි පාසැල් යැවිම ආරක්ෂිත ද යන්න ගැන සැක මතු කිරීමට පටන් ගත්තේය. ඒ COVID-19 වෛරසයේ නව ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් රටපුරා ව්‍යාප්ත වෙමිත් නව ප්‍රභේදය දරුවන්ටද ආසාදනය වීමේ ප්‍රවනතාවක් වාර්තා වීමට පටන් ගැනීම නිසාය.

පාසැල වෙත යමින් සිටින සිසුන් පිරිසක් www.buddhikaweerasinghe.com 

දෙමව්පියන්ගේ කනස්සල්ලට හෙතු වී තිබුණේ පාසැලේදි තම දරුවාට වෛරසය වැළඳේවි යන්න සහ වෛරසය පාසලෙන් ගෙදරට රැගෙන ඒවි යන්නයි. මෙම නිසා දරුවන් පාසැල් යාමට ඉඩදිම ආරක්ෂිත නැතැයි උපකල්පනය සහ කනස්සල්ල මත තම දරුවන් පාසැල් යැවීම දින කිපයකට ප්‍රමාද කළ දෙමවිපියන්ද විය.

ප්‍රධාන නගරයන්හි ඇති පාසැල් සීමිත සංඛ්‍යාවක්  ඇරෙන්නට සුපුරුදු පරිදි ගිම්හාන පාසැල් නිවාඩුවෙන් පසු පාසැල් වාරය ආරම්භ කෙරුණු අතර මේ වනවිට පාසැල් සුපුරුදු පරිදි පවත්වාගෙන යමින් තිබේ.

COVID-19 වෛරසයේ ව්‍යාප්තිය මුල් ආරම්භයේදි මාස දෙකකට (2020 මාර්තු-අප්‍රේල්) ආසන්න කාලයක් සියලුම පාසැල් සිය අධ්‍යාපන කටයුතු නතර කළේය. එම

කාලය තුළ සිසුන්ට අහිමිවු අධ්‍යාපන කාලය එම වසරේම ගිම්හාන නිවාඩු කාලය අඩු

කර ආවරණය කර ගත්තේය.

කෙසේවුවද මෙම මාස දෙකක පමණ කාලය අධ්‍යාපන කටයුතු නතර කර පාසැල් නැවත ආරම්භ කරන විට පියවරෙන් පියවර පාසැල් අධ්‍යාපන කටයුතු යථා පරිදි කරගෙන යාමට පියවර ගැනුණි. මෙයට මසක පමණ කාලයක් ගතවිය. පාසැල් නැවත ආරම්භ කරන විට පාසැල් කාලය අඩු කරමින් එකවර පාසැල් පැමිණෙන සිසුන් සංඛ්‍යාව ද සිමා කිරීමට පියවර ගත්තේය. පාසැල් අධ්‍යයන කාලය දවසකට තෙවරක් කළේය. ඒ උදෑසන , දහවල්  සහ සවස පාසැල ලෙසය. පැය 7ක් හෝ ඊට වැඩිවු පාසැල් අධ්‍යාපන කාලය දෛනිකව පැය 3ට පමණක් සිමා කළේය.

 

දුරස්ථබාවය ආරක්ෂා කර ගනිමින් පාසැල් ක්‍රිඩාංගණය තුළ www.buddhikaweerasinghe.com

COVID-19 වෛරස‍ ව්‍යාප්තිය මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරගෙන යමින් පැවතිය ද සමහර පාසැල්වල බාහිර ක්‍රියාකාරකම් නතර විය. පසුගිය වසරේ බොහෝ පාසැල් ක්‍රීඩා උත්සව COVID-19 වෛරසයේ ව්‍යාප්තිය නිසා නොපැවත්වුණි. එහෙත් මෙම වසරේ බොහෝ පාසැල් සිය ක්‍රීඩා උත්සව පැවත්වීමට පියවර ගෙන තිබුණි. ඒත් ගිම්හාන කාලයේ පාසැල්වල කෙරෙන පිහිණුම් අභ්‍යාස හා අධ්‍යාපන  චාරිකා  පසුගිය වසරේ මෙන්ම මෙම වසරෙත් ළමයින්ට අහිමිවි ඇත.‍

මුල ආරම්භයේ වේගයට වඩා වැඩි වේගයකින් COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පසුකාලිනව ජපානයේ සමහර ප්‍රාන්තවල ප්‍රධාන නගරවල අවස්ථා කිපයකදීම වාර්තා වුණ ද සියලුම පාසැල් වසා දැමිමක් සිදු වුයේ නැත. COVID-19 වෛරසයේ ව්‍යාප්තියේ  වර්ධනයක් පෙන්නුම් කළ නගරවල සිමිත කාලයකට එම ප්‍රාන්ත ආණ්ඩුවල සහ නගර අධ්‍යාපන කාර්යාලවල සෞඛ්‍ය නිර්දේශ මත සමහර පාසැල් අධ්‍යාපන කටයුතු නතර කළ අවස්ථා ද විය.

පාසැල්වල ක්‍රියාත්මක වන කොවිඩ් 19 නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

  • මෙම COVID-19 නව සෞඛ්‍ය මාර්ගෝපදේශ  පාසැල් සිසුන් විසින් මෙන්ම දෙමාපියන් විසින් ද දෛනිකව අනුගමනය කළ යුතුය. සෑම දිනකම සිසුන් පාසැල් යාමට පෙර නිවසේදි සිය ශරීර උෂ්ණත්වය පරික්ෂා කළ යුතුය. එසේම දිනපතා ශරීර උෂණත්ව සටහන් තැබිය යුතු අතර එම සටහන් පාසැලට රැගෙන යා යුතුය. ඒ සඳහා පාසැලෙන් සෑම සිසුවෙකුටම පත්‍රිකාවක් ලබා දෙයි. ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ට වැඩි නම් දරුවාට පාසැල් යාමට නොහැකිය. එමෙන් ඒ බව එදිනම පාසැල ආරම්භ වීමට පෙර දුරකතන ඇමතුමකින් පාසැලට දැනුම් දිය යුතුය. ළමයාගේ රෝග ලක්ෂණ දෙමාපියන් විසින් ඉන් පසුවද දෛනිකව පාසැල දැනුවත් කළ යුතුය. සමහර අවස්ථාවලදි පාසැලෙන් දුරකථන ඇමතුමක් දී ළමයාගේ සෞඛ්‍ය තත්වය පිළිබදව විමසිමක් කරයි.
  •  මුහුණු ආවරණ (Face Mask) පාසැල සහ පංති කාමරය ඇතුළත පැළද සිටිම අත්‍යාවශ්‍ය කාරණයකි. සමහර පාසැල් සිසුන් පාසැල තුළදි face shield පළදින නමුත් එය අත්‍යාවශ්‍ය නොවේ. දිනපතා පැය 7ක් හෝ ඊට වැඩි කාලයක් සිසුහු පංති කාමරය තුළ මුහුණු ආවරණ පැළද සිටිති. යම් සිසුවෙකුට දිගු වෙලාවක් මුහුණු ආවරණ පැළද සිටිම අපහසු යයි දැනුන විට ගුරුවරයාගේ අවසරය මත යම් වේලාවකට මුහුණු ආවරණය ඉවත් කිරීමට අවසර ලැබේ. විශේෂයෙන්ම ගිම්හාන පාසැල් කාලයේදි ( ජුලී- සැප්තැම්බර්) පවතින අධික උෂ්ණත්වය (සෙල්සියස් අංශක 33-37) නිසා පංති භාර ගුරුවරයා විසින් සිසුන්ට මුහුණු ආවරණ සිමිත වෙලාවකට ඉවත් කරන ලෙස උපදෙසු දෙයි. මෙම අවසරය දෙනු ලබන්නේ අධික උෂ්ණත්වයක් යටතේ දිගු වේලාවක් මුහුණු ආවරණ පැළද සිටිම ජිවිතයට අනතුරුදායක විය හැකි බැවිනි.
  • පාසැල තුළදි අනෙකුත් ළමයි සමග කතා කිරීමේදි හැකි තරම් දුරස්ථබාවයක් තබා ගන්නා ලෙස ගුරුවරු උපදෙස් දෙති.
  •  පංති කාමරයට නැවුම් වාතාස්‍රය ලැබිමට සැලස්වීම පිණිස ජනෙල් සහ දොර විවෘතව තබයි.

මිටරයක පරතරයක් නැතත් පංති කාමරයේ ඇතුළත සෑම සිසුවෙකුගේම පුටුව සහ මේසය අනෙක් සිසුවාගේ පුටුව සහ මේසය අතර පරතරයකින් තබා ඇත.

දෑත් සේදීම වෛරසය ව්‍යාප්ත වීමට පෙර සිටම ජපානයේ සිසුන් නිතර පාසැල තුළ කරගෙන ආවේය. පාසැලේ සෑම මහලකම අත්සේදීමට ස්ථානයක් ඇති අතර මෙම ස්ථානය බොහෝවිට වැසිකිලියට ආසන්නව ඇත. hand sanitizer බෝතලයක් සෑම පංතියකම අත් සෝදන ස්ථානයේත් තබා ඇත.

පංති කාමරයට ඇතුල්විමට පෙර අත් සෝදමින්. www.buddhikaweerasinghe.com 

දෙමාපියන් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස්

තම නිවසේ කිසියම් පුද්ගලයෙකුට උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව  (COVID-19 වෛරසය නොවුණත්) වැළදි ඇතිනම් ඒ බව පාසැලට දැනුම් දිය යුතුය. අසනීප වි ඇති පුද්ගලයා සනීප වන තෙක් ගෙදර කිසිවෙකු පොදු ස්ථානවලට නොයා යුතුය. ළමයින්ට ද පාසැල් යා නොහැකිය.

  • දිනපතා අලුත් මුහුණු ආවරණයක්, ලේන්සුවක් සහ paper tissue ළමයින් පාසැල් යනවිට රුගෙන යා යුතුය.
  • දෙමව්පියන්ද දිනපතා උදැසන සිය ශරීර උෂ්ණත්වය පරික්ෂා කළ යුතුය.

මෙවන් මුලික සෞඛ්‍ය උපදෙස් මත ජපානය පාසැල් අධ්‍යාපනය පවත්වාගෙන යමින් තිබේ. මෙම සියලුම උපදෙස් පිළිපැදිය හොත් පාසැල් සිසුන්ට COVID-19 වෛරසය ආසාදනය නොවන්නේද? නැත. ආසාදනය වන්නේය. COVID-19 වෛරසය පාසැල් සිසුන්ට ආසාදනය වු අවස්ථා බොහෝය. එවන් අවස්ථාවලදි එම පාසැල් වසා දැමීමට ද සිදුවු අවස්ථා ඇත. පාසැලක සිසුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වුවහොත් කළ යුතු මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශය (මධ්‍යම ම ආණ්ඩුව, ප්‍රාන්ත ආණ්දුව සහ නගර ආණ්ඩුව) විසින් ලබා දි ඇත.

කිසියම් ළමයෙක් COVID-19 වෛරසය ආසාදනය වුවද ඔහු කොන්කිරීමක් හෝ නැවත පාසැලට පැමීණි විට වෙනත් විදියකට සැලකිමක් නොකරන්නේය. ගුරුවරු ඒ පිළිබදව ද අවදානයෙන් සිටිති. ගුරුවරුන්ට මේ සම්න්ධව සහ පාසැල් තුළ COVID-19 වෛරසය පොකුරු ඇති විම වළක්වා ගැනීම සදහා පාසැල තුළ අනුගමනය කළ යුතු මාර්ගෝපදෙශ ලබා දී ඇත.වෛරසය ආසාදනය වී ඇත්දැයි යන්නඉක්මනින් පරීක්ෂා කළ හැකි ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ප්‍රාථමික කනිෂ්ඨ හා උසස් පාසල් වෙත බෙදා හැරීමට රජය කටයුතු කරඇත.

hand sanitizer භාවිත කරමින් www.buddhikaweerasinghe.com

COVID-19 වෙයිරසය පාසැල් සිසුවෙකුට ආසාදනය වුවහොත්

මධ්‍යම රජයේ සහ ප්‍රාන්ක සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ සැලකිල්ලට ගෙන නගර අධ්‍යාපන කාර්යාල විසින් COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට සහ පාසැල් සිසුන් ආරක්ෂා කර ගැනීමට පියවර ගනි. නගර අධ්‍යාපන කාර්යාල විසින් ක්‍රියාත්මක කරන මාර්ගෝපදේශ නගරෙන් නගරයට වෙනස් නොවුන ද සමහර විට ක්‍රියාත්මක කරන ක්‍රමයේ වෙනස්කම් දැකිය හැකිය.
වෛරසය ව්‍යාප්තිය (පොකුරු අතිවිම) පාලනය කිරිමට සහ පාසැල් සිසුන් ආරක්ෂා කර ගැනීමට කිසියම් පාසලක අසාදිත සිසුන් වාර්තා වුවහොත් මුලු පාස‌ලේම අධ්‍යාපනය හෝ පංති‌යේ අධ්‍යාපන කටයුතු තාවකාලිකව නතර කරනු ලබන්නේ නගර අධ්‍යාපන කාර්යාලයේ දැනුවත් කිරීම මත පාසැලේ අධ්‍යාපන කාර්ය මණ්ඩලය

විසින්ය.

එක් පංතියක සිසුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකට අසාදනය වී ඇතැයි තහවරු වුවහොත් මුළු පංතියම දින 7ක් වැනි කාලයක් වසා දමයි. ඉන්පසු පාසැලෙන් එම පංතියේ ළමයින්ගේ දෙමව්පියන්ව දැනුවත් කරනු ලබයි. මෙම කාලය තුළ එම පංතියේ ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් පොදු ස්ථාන වෙත යාමෙන් වැළකී සිටිය යුතුය. PCR පරික්ෂණයකින් තමන් අසාදිතයෙකු වි නැතැයි තහවරු කර ගැනීමකින් හෝ වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් පංතිය ආරම්භ කෙරෙණු විට එම සිසුන්ට නැවත පාසැල් පැමිණිය හැකිය.

• එකම ශ්‍රේණියේ පංති කීපයක සිසුන්ට අසාදනය වි ඇතිනම් එම පංති සියල්ලම තාවකාලිකව වසා දැමීමක් කරයි.
• එක ශ්‍රේණියකින් තවත් ශ්‍රේණියකට ව්‍යාප්ත විමක් වුවහොත් මුළු පාසැලම තාවකාලිකව වසා දැමිමක් කරයි.

වයස අවුරුදු 12ට වැඩි සිසුන්ටද එන්නත් දීම මේ වන විට ජපානයේ ආරම්භ කර ඇත.

 

 

 

සටහන සහ ඡායාරූප – බුද්ධික වීරසිංහ  ජපානයේ සිට

www.buddhikaweerasinghe.com

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate