Editor Health and Life

News

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 60 ක මාත්‍රා 131කට පාලන මිලක්

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60කට අයත් මාත‍්‍රා වර්ග 131ක මිල නියාමනය කළ බවත් එම මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම නීති විරෝධී බවත්  ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඩොලරයේ අගය ඉහළ යෑම මත පසුගිය අගෝස්තු මාසයේදී මෙම ඖෂධවල මිල සියයට 9% කින් ඉහළ දැමීමට අවසර දුන් අතර ඉදිරියේදී‍ෙ ඒවා නියමිත මිලට අලෙවි […]Read More

News

මදසරු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආසිරි රෝහලේත්

මව්පිය පදවිය අපේක්ෂාවෙන් සිටින නමුත් මදසරුබවේ ගැටළුවලට මුහුණ දී සිටින අඹු – සැමියන් සඳහා විශ්වාසනීයත්වයෙන් යුතු සහයක් ලබාදීමේ අරමුණ ඇතිව ආසිරි Nova IVF සහ Fertility මධ්‍යස්ථානය  ආසිරි රෝහල්  පරිශ්‍රෙය්දී පසුගියදා විවෘත කෙරිණි. Nova IVF Fertility (NIF), ඉන්දියාවේ ප්‍රධා පෙළේ මදසරු බව සඳහා වන ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප්‍රත්‍යක්ෂ කරන ලද සායනික පර්යේෂණ සහ ආචාර ධාර්මික විනිවිද භාවයෙන් […]Read More

News

ඇමෙරිකාවේ කොවිඩ් කරල, මෙරට භාවිතයට අනුමැතිය හිමි වුණා ද?

කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා ඇමෙරිකාවේ මර්ක් ආයතනය මගින් නිෂ්පාදනය කරන මොල්නුපියවියර් (Molnupiravir) ඖෂධය මෙරට භාවිත කිරීම සඳහා කොවිඩ් 19 තාක්ෂණික කමිටුවේ අනුමැතිය  පමණක් ප්‍රමාණවත් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය. කොවිඩ් 19 තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු පමණින් එය මෙරට භාවිත කළ නොහැකි බව කොළඹදී අද […]Read More

News

දුම්පානයෙන් දිනකට පුද්ගලයින් 60 ක් මිය යයි.

දුම්කොළ හා දුම්වැටි පානයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් 60 දෙනෙකු දිනකට මිය යන බවත් එක් දුම්වැටියක් පානය කිරීම මගින් ශරීරය විනාඩ් 11 ක දැවීමක් සිදු වන බවත් දුම්කොළ හා මද්‍යසාර ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා අනාවරණය කළේ ය. දුම්වැටියක මිල ඉහළ දැමීමෙන් ආර්ථික වාසියක් පමණක් නොව දුම්බීම දුර්වල කිරීමට දරණ උත්සාහයක් ද වන […]Read More

News

මහජන රැස්වීම් තහනම්. නව සෞඛ්‍යය මාර්ගෝපදේශ මෙන්න

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල මහජන රැස්වීම්,පුද්ගල ඒකරාශී වීම් හා උත්සව ඊයේ (15) මධ්‍යම රාත්‍රී 12.00 සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නව සෞඛ්‍යය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබීය. මේ අනුව ප්‍රසිද්ධ රැස්වීම්, ප්‍රසිද්ධ ස්ථානවල පුද්ගල ඒකරාශී වීම් තාවකාලිකව නතර කර ඇත. විරෝධතා, උද්ඝෝෂණ කිරීමට ජනතාව අයිතියක් […]Read More

News

නැවත කොවිඩ් රෝගීන් වැඩි වුණේ ඇයි?

සෞඛ්‍යය අංශ, නීති රෙගුලාසි නිකුත් කරමින් චක්‍රලේඛ මෙන්ම මාර්ගෝපදේශ ලබා දුන්නත් ජනතාව ඒවා පිළිනොපදින්නේ නම්, ඔවුන්ට පමණක් නොව අකුරටම ඒවා පිළිපදින අයට ද විපාක විඳීමට සිදු වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අවධාරණය කළා ය. මේ වන විට නැවත වරක් කොවිඩ් 19 ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් පෙන්වුම් කරන බවත් බොහෝ දුරට […]Read More

News

පාසල්වලට සිසුන්ගේ පැමිණීම අඩු ද?

පාසල්වල සිසුන්ගේ පැමිණීමේ අඩුවක් පෙන්වුම් කළ ද නැවත පාසල් වැසීමේ තීරණයක් නැතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එම්.එල්.ඩී.ධර්මරත්න මහතා ප්‍රකාශ කළේ ය. වසර දෙකක් පමණ පාසල් අධ්‍යාපනය අහිමි වීමෙන් දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව සමාජ කුසලතා ද අහිමි වූ බැවින් පාසල් පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක් බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අතිරේක ලේකම්වරයා සඳහන් කළේ […]Read More

News

උද්ඝෝෂණ, ජනතා ඒකරාශීවීම් සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

පෙළපාලි හා උද්ඝෝෂණ ඇතුළු ජනතා ඒකරාශී වීම් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ ගැසට් නිවේදනයට අනුව ඒකරාශීවීම,ක්‍රියාකාරකම් අවස්ථා හෝ ඒ හා සමාන රැස්වීම් පැවැත්වෙන ස්ථානය සහ ඒ වටපිටාව,ව්‍යූහය හෝ වට මායිම මෙන්ම ඊට සහභාගි වීමට අවසර ‍දෙන උපරිම තැනැත්තන් […]Read More

News

ඉදිරියේදීත් කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් ගැන සෞඛ්‍යය අංශ අනතුරු අඟවයි.

කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් 700  ඉක්මවා වාර්තා වීම නිසා දිගටම රෝගීන්ගේ වර්ධනයක් බලාපොරොත්තු විය යුතු බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අවධාරණය කළේ ය. කොවිඩ් 19 රෝගය පාලනය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ කාලසීමාවක් පසු කරමින් සිටින බවත් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යංශයේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා […]Read More

News

ඩෙංගු වසංගත තත්ත්වයකට පත්වීමේ අවදානමක්

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගය සීග්‍රයෙන් පැතිර යන බවත් එය පාලනය නොකළහොත් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව ත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා අවධාරණය කළේ ය. ජාතික ඩෙංගු මර්දන ඒකකය වෛද්‍ය පරීක්ෂණ ආයතනය සමග ජනවාරි මාසයේ සිට කරන ලද සමීක්ෂණයක් මගින් ඩෙංගු වෛරස් කාණ්ඩ 04 ම […]Read More

Translate