Editor Health and Life

News

ආසාදිතයන් වැඩි වීම පාලනය කිරීමට රට වැසීම හැර වෙනත් විකල්පයක්

කොවිඩ් 19 ආසාදිතයින් දිනෙන් දින වැඩි වීම පාලනය කළ නොහැකි වුවහොත් නැවත වරක් රට වැසීම හැර වෙනත් විකල්පයක් නැති බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ ය. ඊයේ (08) දිනයේදීත් ආසාදිතයින් සංඛ්‍යාව 700 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය එතරම් යහපත් තත්ත්වයක් නොවන බව අද (09) උදෑසන […]Read More

General Health

දෙමාපියනි, අන්තර්ජාලය භාවිතයේ දී දරුවා තුළ ස්වයං විනයක් ගොඩනැඟීමට උත්සාහ

මල් කියන්නේ කාට කාට – ළමයින්ටයි පාට පාට ……….. මලක් කියූ පමණින් අපට නිතැතින්ම සිහියට නැඟෙන්නේ මෘදු, මොළොක් හා පිවිතුරු දෙයකි. ළමයින් ද ඒ වගේ ය. අප ළමයින් මල්වලට සමාන කරන්නේ ඒ නිසාය.ළමයිනුත් මල් මෙන්ම විවිධ වර්ණයන්ගෙන් යුක්තය. ඔවුන්ට මෙසේ වෙනස් පාට ලැබෙනුයේ ඔවුන්ගේ සිතුම් – පැතුම් හා හැසිරීම් එකිනෙකාට වෙනස්   බැවිනි. ඉතින් මෙවැනි නෙක […]Read More

News

එන්නත් කාඩ්පත නැත්නම් පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම්.

එන්නත් දෙකම ලබා නොගත් පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කිරීමේ හැකියාව පවතින බව නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇතැයි සෞඛ්‍යය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ය. පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට හැකියාව පවත්න්නේ ද යන්න පිළිබඳව තමා ඉකුත් සතියේදී නීතිපතිවරයාගේ අදහස් විමසූ බවත් ඒ සඳහා අනුමැතිය හිමි වී ඇති බවත් ඇමැති කෙහෙළිය […]Read More

News

නැවත පාසැල් වසයි ද?

මේ මොහොතේ ජනතාව වගකීමකින් තොරව හැසිරුණහොත් නැවත වරක් පාසැල් පමණක් නොව රටම වැසීමේ තත්ත්වයකට පත් විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු ඇඟවීය. කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී තිබුණු අතර  සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග පසුගිය දින කිහිපයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පුද්ගලයින් 600 ඉක්ම වූ බවත් […]Read More

News

කොවිඩ් 19 එන්නත් වර්ග තුනක ප්‍රතිශක්තිකරණය පහත වැටිලා

ඇමෙරිකාවේ කොවිඩ් 19 වෛරසය සඳහා භාවිත කරන මොඩර්නා (Modern) ,ෆයිසර් (Pfizer) සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) යන එන්නත් තුනෙහි ප්‍රතිශක්තිකරණය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව නවතම අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල පිරිසක් අතර මෙම එන්නත් කාර්යක්ෂමතාව සියයට 35 සහ සියයට 85 අතර පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා […]Read More

News

කොවිඩ් ආසාදිත දරුවන් රොහල් ගත වීමේ සුළු වැඩි වීමක්

කොවිඩ් 19 ආසාදිත දරුවන් රෝහල්ගත කිරීම පසුගිය සති දෙක තුන තුළ අඩු වීමක් පෙන්වුම් කළ ද එය මේ වන විට සුළු වැඩිවීමක් පෙන්වුම් කරන බව ළමා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අවධාරණය කළේ ය. කොවිඩ් 19 වසංගතය පැතිරීම යළි හිස එසැවීමේ සාධක මතු වෙමින් පවතින අතර එය ඉදිරි සති කිහිපයේදී වැඩි […]Read More

News

යළි සංචරණ සීමා පනවයිද?

දින 20 කට පසුව මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පෙරේදා (05) දිනයේ 600 ඉක්මවා ගිය අතර ඊයේ (06) දිනයේත් නව ආසාදිතයින් 617 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙරටින් හඳුනා ගන්නා කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් යළි සීමා පැනවීමට සිදු වන බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ […]Read More

News

කොරෝනා රෝගීන් වැඩි වුණොත් භයානක ප්‍රභේද ඇති වීමේ අවදානමක්

ගත වූ පැය 24 ක කාලය තුළ කොවිඩ් 19  නිවෙස්ගත රෝගී සත්කාරක සේවයට ආසාදිතයින් 500 කට වැඩි සංඛ්‍යාවක් එක් වී ඇති හෙයින් ඉකුත් සති දෙකට සාපේක්ෂව එය  සැලකිය යුතු මට්ටමක වැඩි වීමක් බව පවුල් වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති  මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළාය. කොවිඩ් 19 රෝගය පැතිරීම වහාම අවම කළ යුතු බව සඳහන් කළ විශේෂඥ […]Read More

News

ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවදානමක්

පවතින වැසි සහිත කාළගුණය හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි විය හැකි බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් වන ලෙස ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. ඩෙංගු වාහක මදුරුවන් සහ කීටයින් පිළිබඳව දිවයින පුරා කරන ලද සමීක්ෂණයකින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩි වී තිබෙන බව හෙළි වී ඇත. ඒ අනුව නොවැම්බර් මස 04 වෙනි දින […]Read More

News

දරුවන් අනවශ්‍ය ලෙස පරිසරයට නිරාවරණය කරන්න එපා.

පාසැල්  ආරම්භ කිරීමෙන් පසු දරුවන් අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් අනවශ්‍ය ලෙස දරුවන් පරිසරයට නිරාවරණය නොකරන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළා ය. වැඩිහිටියන් පූර්ණ එන්නත්කරණයකට ලක්වී සිටිය ද දරුවන් එන්නත්කරණය නොවීම නිසා දරුවන්ට රෝගය වැළඳීමේ අවදානමක් පවතින බැවින් අත්‍යාවශ්‍ය කාරණයකට හැර […]Read More

Translate